මීගමුවේ පිහිටි මැග්ඩලීන් වාසල වලව්ව නැමති ප්‍රසිද්ධ ස්ථානය යම් කිසි පුද්ගලයකු විසින් ව්‍යාජ ලිපි ලේකණ සකසා බලහත් කාරයෙන් අත්පත් කර ගැනීමට උත්සහ කරන බවට දැනට එම වලව්වේ පදිංචි කාරියක් වන රාජපක්ෂ නම් තැනැත්තියක් සදහන් කරයි. ඇය සදහන් කරන ආකාරයට එම ඉඩම තම ජොන් රජපක්ෂ නම් තැනැත්තකුගෙන් තම පිය වන ඊ ඒ රාජපක්ෂ නම් දැනට විදෙස් ගතව සිටින පුද්ගලයෙකුට පරම්පරාවෙන් අයත් තිබේ. පසුව ඔහු විසින් තම දියණිය වන දැනට එහි පදිංචි කාරිය වන රජපක්ෂ මෙනවියට මෙම භූමිය පවරා තිබේ.
නමුත් පසුව නීතී වෘත්තීයේ නිරතවන පුද්ගලයකු එහි අයිතවාසිකම් සදහන් කරමින් එය අත්පත් කර ගැනීමට ක්‍රියා කරන බල ඇය චෝදනා කරයි. මේපිළිබද ඇය විසින් මැග්ඩලීන් වාසල වලව්ව නැමති පේස්බුක් පිටුව වෙත් විස්තරයක් සදහන් කරයි.
මේ පිළිබදව අප වෙබ් අඩවියට අදහස්දැක්වූ ඇය මෙම ගැටලව සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගෝනු කර තිබෙන බව සදහන් කල අතර එමගින් යුක්තිය ඉටුවේයැයි තමන් අපේකෂා කරන බන සදහන් කළේය.
ඇය විසින් ෆේස් බුක් ගිණුමේ සදහන් කල විස්තරය පහතින් දැක්වෙයි
කෙලින් වීදිය මීගමුවේ පිහිටි මැග්ඩලීන් වාසල වලව්ව 1860 වර්ෂයේ සිට අයිතිය තිබුණේ ජෝන් රාජපක්ෂ මහතාට ය. එකී ජෝන් රාජපක්ෂ මහතාගේ සිට පිළිවෙළින් පරම්පරාව ගලාගෙන ගොස් දැනට විදේශගතව සිටින ඊ.ඒ.රාජපක්ෂ මහතාට නීතිමය අනුව දේපල අයිති වී ඇත. එහෙයින් මෙම දේපළ සම්බන්ධ ආධිපත්‍යය ඔහුගේ දියණිය වන එන්. රාජපක්ෂ මෙනවියට භාරකළ අතර ඇය ඒ.ඊ.ආර්.අබේසිංහ මහතා අභාවප්‍රාප්ත වූ පසු එම නිවසේ මේ දක්වා පදිංචිව සිටී. මේ අතර …………………. නැමැති නීතිඥ මහතා ප්‍රකාශකර සිටින්නේ එකී ඒ.ඊ.ආර්. අබේසිංහ මහතා මිය යාමට පෙර අන්තිම කැමති පත්‍රයක් ලියා තමන්ව එහි පොල්මක්කරු ලෙස පත් කළ භවය. ඒ අන්තිම කැමති පත්‍රයට ශ්‍රී ලංකා යුධහමුදාවේ බ්‍රිගේඩියර් වරයෙකු ලෙස සේවය කළ එකී රාජපක්ෂ මහතා සිය අත්සන තබා නැති අතර වම් මාපට ඇඟිල්ලෙන් ඇගිලි සලකුණ තබා ඇති බව කියනු ලබයි. යුධහමුදා බ්‍රිගේඩියර්වරයෙකු ලෙස සේවය කළ එකී රාජපක්ෂ මහතා සත්‍ය ලෙස අන්තිම කැමති පත්‍රයක් ලිව්වේ නම් අත්සන නොතබා මාපට ඇඟිල්ල තිබ්බේ ඇයි ද යන්න සැක සහිතය. යම් හෙයකින් එකී රාජපක්ෂ මහතා ලේඛනයක සිය අත්සන තබා ගැනීමට නොහැකි වූ අසනීප තත්ත්වයකින් පෙලුනානම් හා එකී වම් මාපට ඇඟිලි සලකුණ, ඇත්ත වශයෙන්ම ඔහුගේ නම්, එම මාපට ඇඟිලි සලකුණ තබන අවස්ථාවේ ඔහු මනා සිහි බුද්ධියකින් සිටියා ද යන්න වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කර බලා එය සිදු කළ යුතුව ඇත. ඒන්.රාජපක්ෂ මෙනවිය පවසන්නේ අභාවප්‍රාප්ත වන මොහොත වන තෙක්ම ඒ.ඊ.ආර්.අබේසිංහ මහතාට අත්සන් කිරීමට නොහැකි වන පරිදි ශාරීරික දුර්වලතාවයක් නොතිබූ බව යි. එවැනි සහතිකයක් ඇත්ත වශයෙන්ම තිබ්බේ නම් එය සත්‍ය සහතිකයක් ද නැද්ද යන්නත් ඔහුට එවැනි ප්‍රශ්නයක් තිබුනා ද යන්නත්, ඒ කරුණු සියල්ලම තීරණය කළ යුත්තේ දිසා අධිකරණය විසිනි. දිසා අධිකරණයෙහි නඩුවක් පවරා එම කරුණු තීරණය කර ගන්නා තුරු පොල්මක්කරුවා යයි කියා ගන්නා ආචාර්ය නීතීඥ …………………. මහතාට මෙම ඉඩමට ඇතුළු වී හොල්මන් කිරීමට නීතිමය අයිතියක් නැත. එසේ හොල්මන් කිරීම පිට, නීතිය අකුරටම ක්‍රියා කර ගැනීමට ඉඩමේ නීත්‍යනුකුල අයිතිකරුවන් නීතිය ක්‍රියාත්මක කර ගැනීමට පසුබට වන්නේ ද නැත. …………………. මහතාගේ පැමිණිලි ප්‍රකාරව මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පමුණුවා ඇති ගයාන් කුමාර මහතා හා අජිත් කුමාර මහතා යන අයවලුන් මෙම ඉඩමේ ආරක්ෂාව සඳහා ඉඩමේ භාරකාරය දරන එන්. රාජපක්ෂ මෙනවියගේ කැඳවීම මත පැමිණි අය වන අතර ඔවුන් බලෙන් පැමිණ භුක්තිය ලබා ගත්තා යැයි කීම සම්පූර්ණයෙන් අසත්‍යයකි. මෙම පැමිණිල්ල, එකී …………………. මහතා නීතියේ ප්‍රතිපාදන වැරදි ලෙස භාවිතා කරමින් මෙම ඉඩමට ප්‍රවේශය ලබා ගැනීම සඳහා නටන නාඩගමක් බව පැහැදිලිය. මෙවැනි ඉඩම් මංකොල්ලකරුවන් පිළිබඳ නිතර පුවත්පත්වල පළවන අතර මෙවැන්නන් නීතිඥ වෘත්තියට ද රිංගා ගෙන ඇති බව කනගාටුවට කරුණකි. තම බලය භාවිත කරමින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම සිදු කර ඇති අතර සමාජ ජාලාවල ද අසත්‍ය ප්‍රවෘත්ති පතුරවමින් ක්‍රියාකරන මෙම …………………. මහතාගේ නාඩගමට මීගමුව උසාවියේ පෙනී සිටි …………………. යන නීතිඥවරියක් ද සම්බන්ධ කරගෙන ඇති බවත් මේ වන විට හෙළිදරව් වෙමින් පවතින අතර ඇයගේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට යන බව ද රාජපක්ෂ මෙනවිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විවෘත අධිකරණයට සැලකර ඇත.

