29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්හුදෙක් විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කථා නොකර වගකීම් ඉටුකරන්න -ජනපති

හුදෙක් විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කථා නොකර වගකීම් ඉටුකරන්න -ජනපති


විලාසිතාවක් ලෙසට පරිසරය ගැන අදහස් පළ නොකර සෑම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්නේනම් පරිසරය ආරක්ෂා කර ගැනීමට ඉතා පහසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහනට අද (22) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, පරිසර දුෂණය අද සියලුදෙනාගේ සාකච්ඡාවට බඳුන්වී ඇති බවත් ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් කර ඇති බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මම තමයි පරිසරයට අහිතකර එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ, මගේ කර්මාන්ත තමයි අපද්‍රව්‍ය ඔක්කෝම ගංගාවලට එකතු කරන්නේ. මම තමයි පහත්බිම් ගොඩකරන්නේ, මේ සියලුම දේ කරන්නේ මම වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම පේන්නේ. පරිසරය ගැන කථා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කථා නොකර, හැමකෙනෙක් ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට හරිම පහසුයි.“

මෙරට ගංගා සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ක්‍රියාවට නංවන ගං ඉවුරු ආරක්ෂා කිරීමේ ‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කතරගම මැණික් ගං ඉවුර අසලට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් ‘සුරකිමු ගංගා’ ස්මාරකය විවෘත කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරාධිතයින් උත්සව සභාවට පැමිණියේ ඉන් අනතුරවය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments