වසර 2020 විකාශයවු ටෙලි නිර්මාණ ඇගයීම සඳහාවන ‘රයිගම් ටෙලීස් 2020 ජාතියේ ටෙලි සම්මාන පුංචිතිරේ මහා මංගල්‍ය දාහත්වන වරටත් පැවැත්වීම සඳහා දැන් අයදුම් පත් හා නිර්මාණ දැන් භාර ගැනීම ආරම්භවී තිබේ.
මෙම සම්මාන උළලේදී රූපවාහිනි මාධ්‍යයේ සියලු අංශ ආවරණය කරයි. ඊට ටෙලි නාට්‍ය මෙන්ම ළමා,ක්‍රීඩා,දේශපාලන,ප්‍රවෘත්ති,වාර්තා,රියැලිටි සහ වෙනත් විවිධ වැඩසටහන් සහා තාක්ෂණ අංශ සෑම වසකරකම ඇගයීමට ලක් කෙරේ. මේවසරේදීත් අති උත්කර්ෂවත් ලෙස ලබන ජූලි මස (03) නෙළුම් පොකුණ රඟහලේ මෙම පුංචි තිරේ මහා මංගල්‍ය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදි මෙම උළෙලට පූර්වගාමිව පැවැත්වෙන නිර්දේශිත නාමඋත්කර්ෂන උළෙලජූනි මස(04) කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදි ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන හා රූපවාහිනි විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන ප්‍රදානය සිදුකෙරේ. මීට අමතරව ජනගත සම්මාන කුලකය, ප්‍රණාම සම්මාන ප්‍රදානයක්ද සිදුවේ.
මෙම අයදුම් පත් හා සම්මාන උළෙල පිළිබඳ වැඩිවිස්තරwww.raigamtelees.lk වෙබ්අඩවියට පිවිසිමෙන්ද,0707061508,0707061602රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලයෙන් ලබාගත හැක. අයදුම් පත් සමග තම නිර්මාණ vob හෝ Mpeg වර්ගයේ සංයුක්ත තැටි(සිඩි) සංඛ්‍යාත වීඩියෝ තැටි(ඩිවිඩි) මගින් මෙම ලිපිනයට භාරදිය හැක.lapro tecnologies අංක 25 බිම්මහල, ලකි ප්ලාසා ගොඩනැඟිල්ල කොළඹ03, fox ප්‍රදර්ශනාගාරය,අංක 273/1 හෙලන්ස් ගොඩනැඟිල්ල,පළමු මරදාන කොළඹ10,fox ප්‍රදර්ශනාගාරය හොරණපාර, කොට්ටාව(කොට්ටාව කීල්ස් වෙළෙඳසැල ඉදිරිපිට)
සම්මාන ලාභීන්ට ඉහළම වටිනාකමක් ඇති තිළිණ ලැබෙන අතර එහිදි වසරක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂයයක් හා රුපියල් මිලියනයක් වටිනා ජීවිත රක්ෂණයක්ද ඊට අමතරව සම්මානලාභීන් ට රුපියල් ලක්ෂ25ක් ඉක්මවන මුදල් ත්‍යාගද පිරිනමන්න කටයුතු යොදා ඇති බව ද කිංඩම් ඔෆ් රයිගම් හී සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා ප්‍රකාශ කරයි. මේ අවස්ථාවට ජූරිය වෙනුවෙන් බුද්ධදාස ගලප්පත්ති කලා ශිල්පියා සමාගමේ ප්‍රධාන නිලධාරින්ද එක්වූහ. මෙම මාධ්‍ය හමුව කොළඹඳි ඉකුත්දින පැවැත්වූණි.