26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මැතිවරණ පැමිණිලි කළමනාකරණ රාජකාරි රාජ්‍ය නිලධාරීට පුහුණු වැඩමුලුවක්

මැතිවරණ පැමිණිලි කළමනාකරණ රාජකාරි රාජ්‍ය නිලධාරීට පුහුණු වැඩමුලුවක්

ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකවල රාජකාරි සඳහා  අනුයුක්ත  කිරීමට අපේක්ෂිත රාජ්‍ය නිලධාරී, පොලිස් නිලධාරී,මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයෝ  සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පුහුණු වඩමුළුවක් මෙම අප්‍රේල් මස අවසන් සතියේ ආරම්භ කොට නිශ්චිත කාලසීමාවක අවසන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. 

පිළිගත් දේශපාලන පක්ෂ 2019 වර්ෂයට අදාළව  කොමිෂන් සභාව වෙත  ලබාදිය යුතු විගණනය කරන ලද ගිණුම් වාර්තා ලබා නොදුන්  දේශපාලන පක්ෂ 04ක්  මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත් එම දේශපාලන පක්ෂ මෙම අප්‍රේල් (22)ට අදාල වාර්තාද සමග මැතිවරණ කොමිෂන් සභාවට කැඳවීමක්  සිදුකිරීමටත් එදිනටත් එම වාර්තා ලබාදීමට අපොහොසත් වුවහොත් එම පක්ෂ අත්හිටුවීමටද කොමිෂන් සභාව තීරණ කළේය. 

දැනට ලියාපදිංචි කොට ඇති පිළිගත් දේශපාලන පක්ෂවල  නිලනාම ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කොට තිබේද යන්න සහ එම පක්ෂවල ව්‍යවස්ථාවලටද එවැනි වගන්ති ඇතුළත්වී තිබේද යන්න පරීක්ෂා කොට බලා වාර්තා කිරීම පිණිස අතිරේක මැතිවරණ කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වය සහිත නිලධාරින් පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම හා එම කාර්යයන් අධීක්ෂණය කිරීම සඳහා  කොමිෂන් සභාවේ සාමාජිකයෙකු මැතිවරණ කොමාසාරිස් ජනරාල් හා ලේකම්වරයා පත් කිරීමටද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments