22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පළාත් සභා මැතිවරණය කල් දමන ලෙසට භික්ෂූන්වහන්සේ පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි

පළාත් සභා මැතිවරණය කල් දමන ලෙසට භික්ෂූන්වහන්සේ පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි

නව ව්‍යවස්ථාවක් සකස් කොට සම්මත කරන තෙක් පළාත් සභා මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා මේ රටේ ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවෙත ඊයේ(31)ලිපියක් යවා තිබේ. 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේ පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අබේතිස්ස නාහිමියෝ..........මේ රටට ගැලපෙන බෙදුම්වාදය නැති නව ව්‍යවස්ථාවක් හදනවා කියන එක තමයි ආණ්ඩුවේ පොරොන්දුව. ඒ අනුව බෙදුම්වාදය නැති නව ව්‍යවස්ථාවක් සකස් කරන්න  නම් දැන් ස්වභාවික මරණයකට පත්වී තිබෙන පළාත් සභා නැවත ගොඩ අරගෙන ඒක කරන්න බැහැ. අනිවාර්යෙන්ම  පළාත් සභාවලට තිබෙන බෙදුම්වාදි බලතල ඉවත් කරන්න ඕනේ. හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා බෙදුම්වාදය ඇති නොවන ආකාරයට මේ පළාත් සභාව එහෙමත් නැත්නම් 13වෙනි සංශෝධනයට කිසියම් ආකාරයකට විධායක ජනාධිපති වෙත බලය රඳවා ගෙන ඒ කටයුත්ත සිදු කළා. හැබැයි පසුගිය කාලයේ 19වෙනි සංශෝධනය මගින් යම් ප්‍රමාණයක් විධායක ජනාධිපතිගේ බලතල අහෝසි කළා. එබඳු අවස්ථාවක් යෙදුණොත් ඉතා ගන්න නොහැකි ලෙස මේ රට බෙදි යනවා. 

අනෙක් කරුණ නම් එක රටක් එකනීතියක් කියන පාඨයත් සමගයි අපි පැමිණියේ එක රටක් එක නීතියක් නම් අනිවාර්යෙන්ම මේ වෙනම පළාත් සභා ඒ සභාවලට වෙන වෙනම නීති සකස් කරන්න බැහැ. මධ්‍ය දුර්වල කරලා පරිධිය ශක්තිමත් කරන දෙය අතහැරලා මධ්‍ය ශක්තිමත් කරලා කේන්ද්‍රගත රාජ්‍ය පාලන ව්‍යුහයක් මේ රටේ නිර්මාණය  විය යුතුයි. නව ව්‍යවස්ථාවක සකස් කරනතාක් කල් කිසිසේත්ම පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බවයි අපි එක හඬින් කියා සිටින්නේ. 

එමෙන්ම ඉන්දියානු විදේශ ඇමැතිවරයා පළත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් 13වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට බලපෑම් සහගත ප්‍රකාශ නිකුත් කිරීමද අපි දැඩි ලෙස හෙළා දකිනවා.  ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු හයක් පෙන්වා දෙමින් උන්වහන්සේලා මෙම ලිපිය යවා තිබේ. 

මේ ලිපිය සඳහා පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනාන්ද නාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලකඅනුනාහිමි, පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ,පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර නාහිමි, පූජ්‍ය හෑගොට විපස්සි හිමියෝ, පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන හිමියෝ, මහාචාර්ය මැදගොඩ අබේතිස්ස නාහිමියෝ, මහචාර්ය මල්වානේ චන්ද්‍රරතනහිමියෝ,ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමියෝ මෙම ලිපියට අත්සන් තබා ඇත.  
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments