22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දංකොටුවේ තෙල් බවුසර් මුද්‍රා තබන ලද්දේ රේගුව නොවෙයි - රේගු අධ්‍යක්ෂ

දංකොටුවේ තෙල් බවුසර් මුද්‍රා තබන ලද්දේ රේගුව නොවෙයි – රේගු අධ්‍යක්ෂ

දංකොටුව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් මුද්‍රා තබන ලද පොල් තෙල් බවුසර් දෙක ට මුද්‍රා තබන ලද්දේ රේගුව නොවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි. වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් අදාළ පොල් තෙල් තොගය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකපිට ඊයේ (30) පොලිස් භාරයට ගනු ලැබීය. පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ එම බවුසර් මුද්‍රා තබා තිබුණු අතර පොලීසිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රේගුව විසින් එහි මුද්‍රා තබා ඇති බවය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා එම බවුසර් අද (31) පෙරවරුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. අදාළ බවුසර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා, “ ඇෆ්ලටොක්සින් නැමැති විෂ රාසායනික ද්‍රව්‍ය අඩංගු පොල් තෙල් ආනයනය කිරීමක් සිදුවෙලා තියෙනවා. ඒවා පරික්ෂා කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් දන්වා තිබෙනවා එම පොල් තෙල් තුළ ඇෆ්ලටොක්සින් විෂ කාරක ද්‍රව්‍ය අඩංගුයි කියලා. මේ සිද්ධිය මේ ආකාරයට වන අතරතුර ඊයේ උදේ අපට දංකොටුව පොලීසියෙන් දන්වනු ලැබුවා මුද්‍රාතබන ලද පොල් තෙල් සහිත බවුසර් දෙකක් යම් ස්ථානයක සඟවා තිබිලා ඔවුන්ගේ අත්අඩංගුවට පත්වුණා කියලා. මෙම බවුසර් දෙක මුද්‍රා තබලා තියෙන්නේ රේගුවෙන් නොවේ. මගේ අතේ තියෙන්නේ ශ්‍රී ලංකා රේගුව භාවිතා කරන මුද්‍රා. එම බවුසර්වල තිබෙන මුද්‍රා මීට වඩා ගොඩක් වෙනස්. දැන් මේ වනවිට රේගු නිවාරණ අංශයේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වෙනවා අද දින දංකොටුවේ සිට මෙම බවුසර් දෙක පොලිස් ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශය වෙත ලැබෙන්නට සැලැස්සුවා. නිවාරණ අංශය විසින් මේ වන විට මේ ලොරි රථ රියදුරන් මීට සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් ගෙනැවිත් විමර්ශනය මේ වනවිට කරගෙන යනවා. තවමත් අපිමේ බවුසර් විවෘත කළේ නැහැ. මේ විමර්ශනය අවසානයේදී නීත්‍යානුකූලව බවුසර් අපි විවෘත කරලා බලනවා. “

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments