23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්“සිනොෆාම්“ භාරගන්න ජනපති ගුවන් තොටුපලට යයි

“සිනොෆාම්“ භාරගන්න ජනපති ගුවන් තොටුපලට යයි

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා තොගය භාරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් තිබේ.

චීනයේ බීජිං නුවර සිට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගෙන පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානය අද (31) පෙරවරු 11.28ට ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගුවන්තොටුපොළේ දී අද දහවල් නිල වශයෙන් භාරගනු ලැබීය.

චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු එම එන්නත් තොගය භාරගැනිමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.

මෙරටට ගෙන්වන ලද “සිනොෆාම්“ එන්නත් තොගය පළමු අදියර යටතේ මෙරට වෙසෙන චීන ජාතිකයින් සඳහා දිවයිනේ ස්ථාන 04කදී ලබාදීමේ කටයුතු සිදුකිරිම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම හා හම්බන්තොට යන ස්ථානයන්හි දී චීන ජාතිකයින්ට එන්නත් ලබා දීමට නියමිතය.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments