ස්වාභවධර්මයෙන් කොරෝනා වසංගතය ලැබෙනවිට ආණ්ඩුව විසින් තවත් වසංගතයක් ලෙස රටේ ආර්ථිකය දුර්වලකර වස විස සහිත ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රටේ ජනතාවට වස විස සහිත ආහාර ද්රබව්ය ලබාගැනීමට ඉඩකඩ විවර වී තිබෙන්නේ ආණ්ඩුවේ ආකාර්යක්ෂම හා දුර්වල ආර්ථික පිළිවෙත නිසා බව හෙතෙම සඳහන් කළේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන මේ අවස්ථාවේදී මුලු මහත් රටේ ජනතාව ඉතාම අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. ස්වභාවිකව ඇතිවූ කොරෝනා වයිරසය හේතුවෙන් ශ්රීඅ ලංකාව දැවැන්ත අර්බුධයකට තල්ලු වී තිබෙනවා සේම තවත් පැත්තකින් රජය විසින් වසංගතයක් නිර්මාණය කර තිබෙනවා. ඒ වසංගතයෙන් රටේ ආර්ථිකය මුලුමනින්ම බිඳ දමා වස විස සහිත ආහාර ද්ර ව්යව ජනතාවට ලබාදී තිබෙනවා.
වත්මන් ආණ්ඩුවේ ආකාර්යක්ෂම ආර්ථික පිළිවෙත නිසා අද මේ රටේ ව්යාකපාර කඩා වැටී ජනතාවගේ සියලු ආදායම් මාර්ග අහිමි වී තිබෙනවා. මේ තත්ත්වය මත වෙනත් අවුරුදුවල මෙන් රටේ ජනතාවට අවුරුදු සැමරීමට හැකි තත්ත්වයක් අද ඇත්තේ නැහැ.
ගෙදර ආර්ථිකය කඩා වැටීම නිසා ජනතාව හැමවිටම උත්සහ ගන්නේ අඩුවටම තිබෙන ආහාර ද්රමව්යා හා භාණ්ඩ මිලදී ගැනීමටයි. එම භාණ්ඩ ගුණාත්මකභාවයෙන් ඉතාම අඩු තත්ත්වයක පැවතියත් අතේ තිබෙන මුදලට කෙසේ හෝ එය ලබාගැනීමට ජනතාව පෙඹඹෙනවා. මේ අනුව අඩු මිලට ගැනීමට සිදුවන්නේ බාල භාණ්ඩයි. එහෙමත් නැතිනම් නරක් වූ ශරිරයට අහිතකර ආහාර ද්රනව්යයයයි.
එමෙන්ම ව්යාාපාරිකයන්ද උත්සාහ ගන්නේ අඩුමිලට තිබෙන ආහාර ද්රඅව්යර හා භාණ්ඩ ආනයනය කර ජනතාවට ලබාදීමටයි. ඒ අනුව ඔවුන්ට ලෝකයෙන් අඩුවටම ලබාගැනීමට තිබෙන්නේ තත්ත්වයෙන් බාල වස විස සහිත ආහාර ද්රනව්යවයයි. අද එවැනි ආහාර ද්රතව්යා අපේ ජනතාවට ලබාදීමට කටයුතු කර තිබීම ඉතා ඛේදනීය තත්ත්වයක් බව කිව යුතුයි.
මේ රටේ ජනතාවට වස විස සහිත ආහාර ද්‍රව්‍ය. ලබාගැනීමට සිදුව තිබෙන්නේ ආණ්ඩුවේ දුර්වල හා ආකාර්යක්ෂම ආර්ථික පිළිවෙත නිසයි.
පසුගිය කාලයේ විශාල කහ හිඟයක් රට තුළ නිර්මාණය වී තිබුණා. නමුත් ආණ්ඩුව විශාල කහ තොගයක් ප්රිසිද්දියේ විනාශ කරන ආකාරය අප දුටුවා. එලෙස ආහාර ද්ර ව්යත විනාශ කළත් වස විස සහිතව මෙරටට ගෙන්වන ලද පොල්තෙල් විනාශ කළ බවක් අප දුටුවේ නැහැ. ඒ පොල්තෙල් මේ ආණ්ඩුව නැවත ප්ර්තිඅපනයනය කිරීමට කටයුතු කළා. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක බව කිව යුතුයි.
2015 අපේ ආණ්ඩුව බලයට පත්වන විටත් රට තුළ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටියා. නමුත් අප ගත් පියවර නිසා ක්‍රමාණුකූලව රටේ ආර්ථිකය ගොඩනැගීමටත්, ජනතාවට සහන ලබාදීමටත් හැකිවුණා. ඒ අනුව ඉන්ධන ගෑස් ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් විශාල ලෙස අඩු කළා. රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවක වැටුප් 2500 කින් වැඩි කළා.
මේ රටේ වැඩකරන ජනතාවට පමණක් නොව සමස්ථ ජනතාවට සහන ලබාගැනීමට හැකිවන පරිදි රටේ ආර්ථිකය හැසිරවීමට අපේ ආණ්ඩුවට හැකිවුණා. 2015 වනවිට විනාශ වී පැවැති රටේ ආර්ථිකය ක්ර මානුකූලව ගොඩගැනීමට හැකිවුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ගනු ලැබූ ක්‍රියාමාර්ග නිසයි.
2015 ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ රාජ්‍ය අංශයට, පෞද්ගලික අංශයට මෙන්ම සමස්ත ජනතාවට තමන්ගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට කටයුතු කළා. අද රට පත්ව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ජනතාව කල්පනා කරන්නේ රනිල් වික්රටමසිංහ මහතාගේ ආණ්ඩුවක් තිබුණා නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වකට තමන්ට මුහුණදීමට සිදුනොවන බවයි.
රටේ ආර්ථිකය නැවත ගොඩනගා ජනතාවට ආර්ථික අගහිඟකම් වලින් තොරව ජීවත්විය හැකි යුගයක් නිර්මාණය කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ ප්රඟතිපත්ති හා දර්ශනයට අනුවයි. ඒ සඳහා රනිල් වික්රාමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එජාප ආණ්ඩුවක් බලයට පත්කර ගැනීම සඳහා සියලු පාර්හවයන් එක්ව කටයුතු කළ යුතු කාලය දැන් එලඹ තිබෙනවා යැයි වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.