21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්ඉතිහාසයේ ප්‍රථම වතාවට ගම්මිරිස් ගොවීන්ට ස්ථිර මිලක්.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ගම්මිරිස් ගොවීන්ට ස්ථිර මිලක්.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකේය ගම්මිරිස් ගොවීන්ට ස්ථාවර මිලක් ලබාදී ඇති බවත් ඒ අනුව සතොස අලෙවි සැල් මගින් ගම්මිරිස් ග්‍රෑම් සීයක් රුපියල් එකසිය හැටක් වැනි අඩමුදලකට ගත් හැකි බවත් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඉතිහාසය පුරාම දේශීය ගම්මිරිස් ගොවියාට සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකි තත්වයක් ඇති කරමින් මෙන්ම එම නිෂ්පාදන සඳහා සාධාරණ මිළක් නොලැබීම හේතුවෙන් ගොවීන්ට සිදු වූ අසාධාරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජයේ ඍජු මැදිහත් වීම තුළ ගොවියාට හා රජයටත්, පාරිභෝගික ජනතාවටත් ඉතාමත් ලාභදායී අන්දමින් ගම්මිරිස් මිළ ගණන් පවත්වා ගත හැකි වූ ආකාරය මෙහිදී අමාත්‍යවරයා පැහැදිලි කරන කළේය. .

ඒ මහතා මේ බව සඳහන් කළේගම්මිරිස් මිළ ස්ථාවර කිරීම පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති අවස්ථාවට එක්වෙමින්ය. එය ඉකුත්(10)පැවැත්විණි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය……අතරමැදියන් විසින් අධිප්‍රමාණික ලාභ ලැබීම සඳහා වෙළෙඳපොලට ගම්මිරිස් ග්‍රෑම් 100ක් රු.250/=ත් 300/=ත් අතර මිළකින් නිකුත් කර තිබියදී, මෙවර රජයේ මැදිහත් වීමෙන් පසුව (12) සිට සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයාට ගම්මිරිස් ග්‍රෑම් 100ක් රු.160/=ක් වැනි ඉතාඅඩු මිළකට ලබා දීමට කටයුතු කරනවා.

ගම්මිරිස් සම්බන්ධයෙන් ඍජුවම මැදිහත්ව කටයුතු කළ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙම ගම්මිරිස් වගාකරුවන් හා ඍජු සම්බන්ධීකරණයෙන් හා ඔවුන්ගේ ගැටළු සඳහා පිළියම් යෙදීම සඳහා මෙලෙස කටයුතු කිරීමත් එතුළින් එම ගම්මිරිස් තොග සඳහා වෙළෙඳ අමාත්‍යාංශය හා ඒකාබද්ධව වෙළෙඳපොල සකසා ගැනීමට කටයුතු කිරීම තුළ දේශීය ගම්මිරිස් වගාකරුවා ද, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හා සතොස අලෙවිසැල් ජාලයද ඉතාම වගකීමෙන් යුතුව ගුණත්වයෙන් ඉහළ ගම්මිරිස් ඉතාම අඩු හා සාධාරණ මිළකට පාරිභෝගිකයාට නිකුත් කිරීමේ හැකියාව ලබා ගත්තා.
එමෙන්ම විවිධ රජයේ ආයතන හා ඒකාබද්ධව භාණ්ඩ මිළ ස්ථාවර කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බැවින් අතරමැදියන් හා අධිප්‍රමාණික ලාභ ලබන ජාවාරම් වෙළෙඳාමේ නියැලෙන පිරිස වත්මන් රජයේ මෙම වැඩපිළීවෙල කඩාකප්පල් කිරීම සඳහා ඊට එරෙහිව විවිධ සාවද්‍ය කරුණු මතු කරමින් කටයුතු කරන බැවින්, වෙළෙඳපොලේ පවත්නා අනෙකුත් ගම්මිරිස් නිෂ්පාදන වල අධික මිළගණන් සැසඳුම් සිදු කිරීම සඳහා ලබා ගත් සාම්පල හා එම ලදුපත් මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.
ඒ අනුව ගම්මිරිස් මිළ සතොස මඟින් මෙලෙස ස්ථාවර කිරීමට කටයුතු කිරීම හේතුවෙන් අනෙකුත් පෞද්ගලික සුපිරි වෙළෙඳසැල් ජාලයද මීට අනුගත වන්නේ නම් රජයක් වශයෙන් කෘතඥ වෙනවා.
මෙම අවස්ථාව සඳහා ගම්මිරිස් වගාව පිළිබඳ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ද සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments