කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන යෑමට උත්සහ දරණ මේ අවස්ථාවේදී මහජනතාව වෙත ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අමතක නොකර අවුරුදු සමයේදීද ඒවා තවදුරටත් හොඳින් පිළිපැදිය යුතු බව මහජනසෝඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (09) නීතිය හා සමාජ භාරය මෙහෙයවු ‘කොවිඩ් 19 මර්දනයට සහයවෙමු’ මැයෙන් පැවැති වැඩමුළුවක් අමතමින්ය. එය රාජගිරියේ පිහිටි දකුණු ආසියානු සහයෝගිතා ගොඩනැඟිල්ලේ ශ්‍රවාණාගාරයේදී පැවැත්විණි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය……. මේවනවිට අවුරුදු උත්සව සමය නිසා ජනතාව ඉතා ප්‍රවේශම්කාරිව සිටිය යුතු වුණත් මේවන විට මහජනතා කොවිඩ්19 නව කොරෝනා වසංගතය අමතක කර තිබෙනවා. අද මොන බස් රථයේද ආසන ගණනට ජනතාව ගෙන යන්නේ. රෙදිපිළි විකුණන ප්‍රධනා වෙළෙඳසැල්වල මේ මාර්ගෝපදේශන ක්‍රියාත්මක වෙනවාද. මේවාට නීතිරීති දමනවා වගේම ජනතාව තමන්වෙත ලබාදී ඇති උපදෙස් පිළිපැදිය යුතුයි. නමුත් මේවනවිට ජනතාවගේ දායකත්වය අවම වෙමින් තිබෙනවා. නමුත් පී.සි.ආර්.පරීක්ෂණවලින් පොසිටිව් වුණොත් එහිදි නිවෙස්වලින් ගෙන යන්න සූදානම් වෙනවිට තමයි ජනතාවට තේරෙන්නේ මෙහි බරපතලකම එහිදි අඬා වැටෙනවා.
මේවනවිට එන්නත් කරණය ආරම්භ කරගෙන එහි කටයුතු කරන අතර දෙවන එන්නත ගැනද කතා කරනවා. එන්නත් ලබපු අය ගැන කිසිම ගැටලුවක් මේවනවිට නැහැ. නමුත් අපි අදාළ ජන කාණ්ඩ වෙත මෙම එන්නත ලබාදීය යුතුයි.
මේවනවිට කොවිඩ්19 මර්දනය කරන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ගෙ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉතා හොඳින් තමාවෙත පැවැරි තිබෙන කාර්යා සියලු දෙනාගේ සහයෝගය ලබාගනිමින් ඉටුකරන බව සිහිපත් කළ යුතුයි. කොවිඩ් සඳහා එන්නත් කරන සියලු දෙනාගේ ලේඛන ගත වීමක් සිදුවෙනවා.