26.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්ලංකා බැංකු සේවක සංගමයේ (22) වැඩවර්ජනය දේශපාලන වුවමනාවක් මත සිදුකරන දෙයක්.

ලංකා බැංකු සේවක සංගමයේ (22) වැඩවර්ජනය දේශපාලන වුවමනාවක් මත සිදුකරන දෙයක්.

ලංකා බැංකු සේවක සංගමය

කැඳවා තිබෙන (22)දා

වැඩවර්ජනය හුදෙක්ම දේශපාලන

වුවමනාවක් මත මිසක්

බැංකුවලට,සේවකයින්ට හෝ රටට

ඉන් කිසිම සෙතක් නොලැබෙන

බව ප්‍රගති බැංකුසේවක සංගමයේ

ප්‍රධාන ලේකම් ඒ.කේ. බණ්ඩාර

මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ

ඊයේ (19) බොරැල්ලේ පිහිටි

ඇන්.ඇම්.පෙරේරා අනුස්මරණ

මධ්‍යස්ථානයේ පැවැති ප්‍රගති

සේවක සංගමය කැඳවා තිබුණු

මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා

මෙසේද කීය………..ලංකා

බැංකුසේවක සංගමයේ අතීතයේදී

මම සභාපති හා ලේකම් ලෙස

කටයුතු කර තිබෙනවා. පසුගිය

කාලයේ එම සංගමයෙන් මහජන

බැංකුවට හා සේවකයින්ට සිදුවු

මාෆියාව නිසා අපිට සිදුවුණා එම

සංගමය අතහැර දමා ප්‍රගති බැංකු

සංගමයත් සමග එකතු වෙන්නට.

එහිදි මහජන බැංකුව, ලංකා

බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන

බැංකුව හා මර්චන්ට් බැංකුව යන

බැංකුවල සිටින ලංකා බැංකු

සේවක සංගම් ශාඛාවලට යෙත්

සාමාජිකයින් ප්‍රගති බැංකු සංගමය

සමග එක්වෙමින් සිටිනවා.

ඉදිරියේදී තවත් බැංකුවල

සාමාජිකයින් අපිත් සමග

එක්වෙන්න කටයුතු කරමින්

සිටිනවා. එහිදි සාමාජික විරෝධි

ලංකා බැංකු ප්‍රතිපත්ති වෙනුවට

සාමාජිකයින්ගේ අවශ්‍යතා

වෙනුවෙන් පෙනිසිටින වෘත්තීය

සමිතියක් ලෙසට අපි කටයුතු

කරන්න බලාපොරොත්තු වෙනවා.

අපේ තේමා පාඨය වන්නෙ

බැංකුවත් සංවර්ධනය කරගෙන

රටේ ජනතාවටත් යම් සේවයක්

කරමින් සේවකයින්ටත් යම්

වරප්‍රසාදයක් ලබාදීම අපේ ප්‍රධාන

අරමුණ වන්නේ.

ඉදිරි දින කිහිපය තුලදි ලංකා බැංකු

සේවක සංගමය වැඩවර්ජනයක්

සංවිධානය කර තිබෙනවා. මේ

වර්ජනයට ප්‍රගති බැංකු සේවක

සංගමය ඇතුළත් වෙන්නේ නැහැ.

බැංකු කටයුතු පවත්වාගෙන යන්න

අපි කටයුතු කරනවා. ලංකා බැංකු

සේවක සංගමය මෙම වර්ජනය

කැඳවා තිබෙන්නේ විශ්‍රාමය

ලබාගැනීම හා මීට වසර කිහිපයකට

පෙර ලංකා බැංකුවට වසර තුනක

පුහුණු කාලයකට බඳවාගත්

ඒක්දහස් හත්සීයක් තරම්වු පිරිසගේ

පුහුණු කාලය වසර දෙකකට

අඩුකරන්න යැයි ඉල්ලමින්ය. රාජ්‍ය

බැංකුවල විශ්‍රාමය අහෝසි කළේ

1996දීය. ඊට පසු එය

ලබාගැනීමට අපි අරගලයක් කළා.

එහිදි අපිට පුළුවන් වුණා 2014දී

බැංකු ක්ෂේත්‍රයට අහිමි කරන ලද

විශ්‍රාමය ලබාගන්න. ඒ අවස්ථාවේදී

මේ ප්‍රතිලාභය සේවකයින්

ලබාදෙන්න ක්‍රියා කළේ හිටපු

ජනාධිපති වත්මන් අගමැති මහින්ද

රාජපක්ෂ මහතායි. එදා මහින්ද

ජනාධිපති විශ්‍රාමය දෙනවිට ලංකා

බැංකු සේවක සංගමයේ වත්මන්

නායකයින් එපා කිව්වා.

අධිකරණයටත් ගියා. මේක හිඟන

විශ්‍රාමයක් කියලා මීට අදවෙනතුරු

සම්බන්ධ නොවුණු අය සිටිනවා.

අගමැති මහින්ද රාජපක්ෂ

මහතාටත්, ජනාධිපති ලේකම් පි.බි.

ජයසුන්දර මහතාටත් මෙහි

ගෞරවය ලැබෙන්න අවශ්‍යයි.

1996 පෙර තිබුණු විශ්‍රාමයත්

සමග සැසඳීමෙදි මෙහි කුඩා කුඩා

ප්‍රශ්න තිබුණා. එය සකස් කරගන්න

තමයි පසුව අපි කටයුතු කළ

යුත්තේ. දැනටත් තිබෙන අඩුපාඩු

සකස් කරමින් සිටින අවස්ථාවක

තමයි මෙම වර්ජන කැඳවන්නේ.

එදා මහින්ද රාජපක්ෂ සමයේදී

පෞද්ගලික අංශයට විශ්‍රාමයක්

සකස් කරන්න කටයුතු කළා. එදා

අන්තවාදි දේශපාලන පක්ෂයක්

සංවිධානය කළ විරෝධතාවයකදී

කම්කරු සහෝදරයෙක් මියගියා.

එදා එය ආරම්භ කළා නම් තිබෙන

අඩුපාඩු සකස් කරගෙන අද යම්

තැනකට ගෙන එන්න තිබුණා. එදා

විශ්‍රාමය එපා කිව්ව වත්මන් ලංකා

බැංකු සේවක සංගමයේ නායකයින්

නැවත විශ්‍රාමය ඉල්ලා වර්ජන

සිදුකරන්න යන්නේ. එදා එම

විශ්‍රාමය ආරම්භ කළා නම් රටට

හොඳ විශ්‍රාම අරමුදලක් තිබෙනවා.

එදා මහා බැංකු බැඳුම්කර සිද්ධිය

වෙලාවේ මුණිවත රැකපු අය

වර්ජනයන් සිදුකරන්න යනවා.

මෙම සංගමයේ සභාපති නිශාන්ත

සමරසිංහ මහතා………. වසර

විසිපහක් මම ලංකා බැංකු සේවක

සංගමයේ කටයුතු කළා. අපේ රට ,

සේවකයාගේ යහපත හා බැංකුවල

ආරක්ෂාව සැලසීම අපේ අරමුණ

වුණා. එම සංගමයේ වත්මන්

නායකයින්ගේ ක්‍රියා නිසා අපිට ඉන්

ඉවත් වෙන්න සිදුවුණා. ලංකා

බැංකු සේවක සංගමයේ නායකයින්

යහපාලන ආණ්ඩුවේ අනුග්‍රහය

ලබමින් ඔවුන්ගේ පෞද්ගලික

අරමුණු මුදුන්පත් කරගැනීමේ

ක්‍රියාවලිය යෙදි සිටියා. තමන්ගේ

උසස්වීම්, දූෂිතයින් යටගහලා, ඒ

අයට රැකවරණය ලබාදීම එවැනි

අපිට අනුමත කළ නොහැකි ගමන්

මාර්ගයකට පිවිසීම නිසා අපි ඉන්

ඉවත්වුණා. අපේ එකම ඉල්ලීම

වන්නේ දැනට වෙනවාටත් වඩාවැඩි

සේවයක් බැංකු මගින් ජනතාවට

ලබාදීම.

ලංකා බැංකු සේවක සංගමය ඉකුත්

සමයේ විශේෂයෙන් රාජ්‍ය බැංකු

තුල මාෆියාවක් ගොඩනගාගෙන

තිබෙනවා. ඒ අයට අවශ්‍ය ලෙස

රාජ්‍ය බැංකුවල පරිපාලනයට

ඇඟිලි ගසමින් සිටිනවා. අපි

වෘත්තීය සමිතියක් ලෙස වගකීම

කුමක්ද සීමාව කුමක්ද දැනගෙන

කටයුතු කළ යුතුයි. එසේ නැතිව

ආයතනවල පරිපාලනයට අත

ගසන්න ගියෝත් ඒ ආයතනයට

පැවැත්මක් නැත. වෘත්තීය සමිතිය

කරන්න අවශ්‍ය වන්නේ එම

ආයතනයේ සුරක්ෂිත භාවය ගැනයි.

එමෙන්ම එම සංගමය විවිධ අසත්‍ය

තොරතුරු පතුරවමින් සිටියි.
මෙහිදි සංගමයේ භාණ්ඩාගාරික

කීර්ති මහානාම මහතාද අදහස්

දැක්වූයේය. මේ අවස්ථාවට ප්‍රගති

බැංකු සංගමයේ නිලධාරින් එක්ව

සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments