22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්අවුරුදු සමයේ සතොස ආදායම ඉහල යයි.

අවුරුදු සමයේ සතොස ආදායම ඉහල යයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ එනම් අප්‍රේල් 01 දින සිට 13 වැනි දින දක්වා දිවයින පුරා සතොස අලෙවිසැල් ජාලය රුපියල් මිලියන 2750ක වාර්තාගත ආදායමක් උපයා ඇත.

පෙර වසර වලට සාපේක්ෂව මෙම වසරේ දී ආදායම ඉහළ නැංවීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද භාණ්ඩ වර්ග 27ක මිළ ස්ථායීකරණ වැඩසටහන හා සතොස සහන මල්ල ව්‍යාපෘතිය බෙහෙවින් ඉවහල් වී තිබේ.

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ සතොස අලෙවි ආදායම් පිළිබඳ සලකා බැලීමේදී සතොස අලෙවිසැල් ජාලය විසින්2020 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ සමස්ත ආදායම රුපියල් මිලියන 1306ක් වන අතර, සතොස ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාවක් තබමින් මෙම වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් මිලියන 2750ක වාර්තාගත ආදායමක් ඉපයීමට සමස්ත සතොස අලෙවිසැල් ජාලය සමත්ව තිබේ.

පාරිභෝගික ජනතාවට සහන ලබා දීම සඳහා දේශීය නිෂ්පාදකයන්ගේ හා ඍජු ආනයනකරුවන්ගේ ඉදිරි මිළ ගිවිසුම් ප්රතකාරව වෙළෙඳ අමාත්යය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් ක්රිදයාත්මක වූ අත්යසවශ්යස භාණ්ඩ වර්ග 27ක මිළ ස්ථායීකරණ වැඩසටහන හා සතොස සහන මල්ල ව්යාදපෘතිය කෙරෙහි පාරිභෝගික ජනතාව සිය විශ්වාසය පළ කරමින් ඊට දැක්වූ ධනාත්මක ප්රකතිචාරය මත සතොස ආයතනය විසින් මෙම ආදායම් වාර්තාව තැබීමට සමත් වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments