26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අපට සීනිබෝල කවන්න හදලා අරියන්නේ නැහැ. කාදිනල් හිමි

අපට සීනිබෝල කවන්න හදලා අරියන්නේ නැහැ. කාදිනල් හිමි

පාස්කු දින එල්ල වූ ප්‍රහාරය පිටුපස තිබූ දේශපාලන බලවේගයක් යන්නෙන් තමන් අදහස් කළේ අන්තර්ජාතික දේශපාලනික බලවේගයක් මිස මෙරට දේශපාලන බලවේගයක් පිළිබඳ නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අප්‍රේල් 21 වන දින පැවැත්වෙන පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට අද (19) එක්වෙමින් අගරදගුරු හිමිපාණන් මේ බව සඳහන් කළේය.

‍මේ අතර, අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් සපිරීම සිහිපත් කරමින් දේව මෙහෙයන් පැවැත්වෙන සියලුම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

හෙට (20) පස්වරු 4 සිට අප්‍රේල් 21 වනදා මධ්‍යහ්න 12 දක්වා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇති බැවින් දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි ද පොලීසිය පවසයි.

එදින දිවයිනේ සියලුම කතෝලික පාසල්වලට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට උන්හන්සේ මෙලෙස පිලිතුරු දුන්හ,

ප්‍රශ්නය – “ඔබ වහන්සේ ඊයේ ප්‍රකාශයක් කළා ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්න වෙර දරන පිරිසක් තමයි මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ කියලා ?”

කාදිනල් හිමි – “දේශපාලන බලවේගයක් ගැන නෙවෙයි කිව්වේ. ජාත්‍යන්තර වහබ්වාදය ගැන අදහසින් අන්තර්ජාතික දේශපාලනික බලවේග ගැන කිව්වේ. මේ රටේ දේශපාලන පක්ෂ ගැන කිව්වේ නැහැ,”

ප්‍රශ්නය – “ඔබවහන්සේ සෑහීමකට පත්වීමක් තියෙනවාද මේ වෙනකොට කරලා තියෙන විමර්ශන සම්බන්ධයෙන් ?” 

කාදිනල් හිමි – “එක්කෙනෙක් දෙන්නෙක් ගැන ක්‍රියාමාර්ග ගැනීම නොවෙයි, අපිට සීනි බෝල කවන්න හදලා හරියන්නේ නැහැ, ප්‍රශ්නයට නිසි විසඳුම දෙන්න”


ප්‍රශ්නය – “හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරය එල්ල වුණ සමයේ සහ ඉන් පසුව දැක්වූ ක්‍රියාකලාප සම්බන්ධයෙන් ඔබවහන්සේට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද ?”

කාදිනල් හිමි – “වනාතවිල්ලුව අවි ගබඩාව හසුවීම, මාවනැල්ල බුදු පිළිම කැඩීම, කබීර් හෂීම්ගේ, ලේකම්ට වෙඩි තැබීම, මෙවැනි සිදුවීම්වලින් හෙළි වූ දේ, ජනාධිපති කොමිෂන් වාර්තාවේ තියෙනවා, සහරාන්ව හිරභාරයට ගමු කියද්දි හිටපු ජනාධිපති ප්‍රකාශ කර ඇති දේ මෙහි බැරෑරුම්කම තේරුම් අරන්ද? නැතිද ?” 

ප්‍රශ්නය – “මේ වෙනකොට වත්මන් රජයේ ජනාධිපතිවරණ කාලයේදී කිව්වානේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධව. ඒ කියපු දේවල් වෙලා තියෙනවාද ?”

කාදිනල් හිමි – “100%ක් සෑහීමකට පත්වෙන්න බැහැ, 20වෙනි සංශෝධනයට ඡන්දය ලබාදීමේදී අමුතු විදියේ ඡන්ද ප්‍රකාශ කිරීමක් සිදුවුණා. පක්ෂයක නායකයා එක් විදියකට ඡන්දය දුන්නා. ඒ පක්ෂයේ අනෙක් අය ඡන්දය දුන් විදිය වෙනස්,. ඒ නිසා අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා, රිෂාඩ්ගේ මල්ලිව නිදහස් කරද්දි ඒ ගැන කිව්වා. නමුත් ඒ වෙලාවේ කියූ දේ, ඊට පසුව 20 සංශෝධන ඡන්දයේදී පැහැදිලි වුණා. එතැන තිබුණ අවබෝධය මොකක්ද කියලා. සාධාරණ සැකයක් අපේ හිතට ඇවිත් තියෙනවා”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments