ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය, අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 302 ක් රැස් කර ගෙන සිටී.
කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ නායක, මොමිනුල් හක් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
තමීම් ඉක්බාල් ලකුණු 90ක් ලබා ගත්තේය.
ටෙස්ට් පිටියේ මංගල ශතකය වාර්තා කළ නජ්මුල් හුසෙන් නොදැවී ලකුණු 126 ක් රැස් කර ගෙන සිටී.
14 වැනි අර්ධ ශතකය වාර්තා කළ නායක මොමිනුල් හක් නොදැවී රැස් කළ ලකුණු ගණන 64කි.
පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් දවා ගත්තේය.