21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්මහජක බැංකුවේ 2020 වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වයි.

මහජක බැංකුවේ 2020 වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වයි.

මහජන බැංකුවේ 2020 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (22) දින පෙරවරුවේ පිළිගන්වන ලදි.

වාර්ෂික වාර්තාවට අනුව මහජන බැකුවේ බදුපෙර ලාභය රුපියල් බිලියන 21ක් වන අතර බදුපසු ලාභය බිලියන 14කි.

2020 වර්ෂයේ මහජන බැංකුවේ ලාභාංශය බිලියන 3.5ක් ලෙසත් රාජ්‍ය බදු රුපියල් බිලියන 14ක් ලෙසත් සඳහන්ය.

රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති අනුව යමින් මහජන බැංකුව මේ වසරේ රුපියල් බිලියන 25ක ලාභයක් සහ රුපියල් බිලියන 15කට වැඩි බදු ආදායමක් බලාපොරොත්තුවන අතර ඉලක්කගත ලභාශය බිලියන 3කි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී රංජිත් කොඩිතුවක්කු, මුල්‍ය නිලධාරී අසාම් අහමඩ් සහ අලෙවි විධායක නාලක විජේවර්ධන මහත්වරු සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments