26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රිජ්වේ ළමා රෝහලට පැමිණෙන අයට දැනුම් දීමක්.

රිජ්වේ ළමා රෝහලට පැමිණෙන අයට දැනුම් දීමක්.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණෙන වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව දවසේ එක් අවස්ථාවකදී පමණක් රෝගීන් බැලීම සඳහා එක් අයෙකුට අවස්ථාව හිමි වේ.

එය විනාඩි 15 කට සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ,

“නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම අපි සම්පූර්ණයෙන් ලබාදී තිබෙනවා. හැබැයි රෝගීන් බැලීමට පැමිණිය හැක්කේ එක් අයෙකුට පමණයි. එක් අවස්ථාවක පමණයි පැමිනෙන්න පුලුවන්. එකත් අපි සීමා කරලා තියෙන්නේ විනාඩි 15ක් පමණ කාලයකට. කරුණා කරලා මේ උපදෙස් අනුව කටයුතු කරන්න. සායනික කටයුතු සඳහා පැමිණෙන විට ඒ කාලය අවම කරගැනීම සඳහා එම රෝගියා සමග එක් අයෙක් පමණක් පැමිනෙන්න. හැකි සෑම අවස්ථාවකම 1390 දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා වෙලාවක් වෙන්කර ගෙන පැමිණෙන්න. මෙම අංකය අමතා තම දරුවා සායනික කටයුතු සඳහා රැගෙන ආ යුතුද?  නැද්ද? එහෙම තැතිනම් ප්‍රතිකාර වෙනස් කළ යුතුද නැද්ද? යන්න හෙදියක් හෝ වෛද්‍යවරයෙක් සම්බන්ධකරගෙන දැනගන්න පුළුවන්.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments