අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය මේ වනවිට නතර කර තිබේ.
තරගය නතර කරනවිට දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 234 ක් ලබාගෙන සිටියේය.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න එලෙස වාර්තා කළේ සිය පළමු ද්විත්ව ශතකය වීමද විශේෂත්වයකි.
ඔහුට අනගි සහයක් ලබාදෙමින් අද දිනයේ සිය 7 වන ටෙස්ට් ශතකය රැස් කරගත් ධනංජය ද සිල්වා තරගය නතර කරන විට රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 154 කි.
ඔවුන් දෙදෙනා අතර සිව්වන කඬුල්ල සඳහා ගොඩනැගුණු සබඳතාව ලකුණු 322 කි.
මේ අතර මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 7 කට ලකුණු 541 ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තරගය නතර කරන විට කඩුලු 3 ක් පමණක් බිඳ වැටී ලකුණු 512 ක් ලබා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 29 ක් පිටුපසින් සිටී.
තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.