සියලු දේශපාලන පක්ෂවල මැයි දිනය පවත්වන්නේ නැතැයි ආණ්ඩුව කිව්වත් එවැනි සාකච්ඡාවකට පෙරටුගාමි සමාජවාදි පක්ෂය කැඳවලා නැති අතර එම තීරණය හෙලා දකින බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ප්‍රකාශ කරයි.
ඒ මහතා මේබව සඳහන් කළේ ඉකුත් (20) නුගේගොඩ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදි පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය………..පොලිසිය (19) රැස්වීමක් කැඳවලා තිබුණා සුපුරුදු පරිදි මැයිදි සැමරීමේදි ඉඩකඩ බෙදාදීම හා පෙළපාලි හැසිරීම් ගැන සාකච්ඡා කිරීමට මේ අවස්ථාවට පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින් කියා සිටියා කොවිඩ්19 වසංගතයේ වැඩිවීමක් වාර්තා වෙනවා ඒ නිසා ඉදිරියේදි තවත් සෞඛ්‍ය උපදෙස් ලබාදීමට පියවර ගන්නවා කියලා. එහිදි මැයි දින රැලි පවත්වන්නේ නැහැ කියලා සාකච්ඡා වුණේ නැහැ. එවිට (20) පැවැති සාකච්ඡාව කුමක්ද. ඒ රැස්වීමට එන්න කිව්වේ කව්ද සහභාගිවුණේ කව්ද කව්රු එකතුවෙලාද තීරණය කළේ කම්කරු දිනය සමරන්නේ නැහැ කියලා.
විභාග කාලේට දරුවන්ට හැදෙනවා බඩේ අමාරු ආණ්ඩුවටත් මැයි දිනය වෙනවිට සිදුවෙලා තියෙන්නේ එවැනි දෙයක් ඒ අයට මැයි රැලියේ කියන්න දෙයක් නැහැ.ආණ්ඩුවට ඇත්තට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරපු එකම දෙයක් ගැනවත් කතා කරන්න බැහැ. කමිකරු පන්තියේ අයිතිවාසිකම් කොල්ලකාපු ඒවා උදුරාගත්තු ඒවා නොසළකා හැරිය ඉතිහාසයක් ගැන තමයි කතා කරන්න තියෙන්නේ.ඒ නිසා මැයි දිනයට දේශපාලන වරුණ හැරෙන්න. තමන්ගේ බලය හදාගත්ත හැටි හැරෙන්න. විසිවෙනි සංශෝධනය සම්මත කරගත්ත හැටි හැරෙන්න, ජනාධිපති හා මහාමැතිවරණ දිනාගත්ත හැටිහැරෙන්න. ඊට වඩා දෙයක් ආණ්ඩුවට කියන්න නැහැ. ඒ නිසා ඉකුත් සමයේ මැයි දින සමහරු ස්වයංවාරණ කළා. ඒ ආකාරයට හිටපු පාලකයෝත් විවිධ ලෙස මැයිදිනය නොපැවැත්වීමට කටයුතු කළා. ඒ නිසා ඉකුත් වසර තුනේදි මැයි දින තහනමක් නිල නොවන ආකාරයට සිදුවුණා. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ එකතුවෙලා ගත්තා කියන තීරණය අපි හෙළා දකිනවා. මැයි දිනය සමරන්න සූදානම්වන පක්ෂ ගණනාවක් මේ රැස්වීමට සහභාගිවෙලා නැති බව තමයි ආරංචි තිබෙන්නේ. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩක්. මේ රටේ කම්කරු දිනය සැමරීම තීරණය කරන්න ඕනේ ආණ්ඩුව නොවේ එය තීරණය කරන්න ඕනේ කම්කරු ව්‍යාපාර වෘත්තීය සමිති ව්‍යාපාරයි. එනම් රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවකයින් තමයි මෙය තීරණය කරන්න ඕනේ. මේ කොවිඩ් 19 භාවිතා කරලා ඒ අයගේ කටයුතු කරගැනීමක්. මේක සෑම තැනකම වගේ පෙනෙන්නට තිබෙනවා. සමහර පෞද්ගලික ආයතනය වසංගතය භාවිතා කරලා වැටුප් නොදි සිටිනවා. ඇතැම් ආයතනවල වියදම් අඩුකරලා තියෙනවා. එමගින් වැටුප්ද අඩුකර තිබෙනවා. සමහර තැන්වල රැකියාවලින් සේවකයින් දොට්ටදාලා තියෙනවා. තව සමහරු ඊ.ටි.එෆ්., ඊ.පි.එෆ්. නවත්වලා තිබෙනවා. අහඹු නියැදි පරික්ෂාව ආණ්ඩුව නතර කර තිබිලා දැන් යළි ඒක කඩා පැනලා කරන්න යනවා එහි ප්‍රතිඵලයක් තමයි පමුණුවේදි අපි දැක්කේ. මෙහි ආසන්නම තිබෙන කරුණ තමයි මැයි දිනය නවත්වා ගැනීම. ආණ්ඩුව විරුද්ධව එන විවේචන , සංවාද නවත්වා ගැනිම. මේක දිගටම ගෙනහිල්ලා පළාත් සභා මැතිවරණය තියන්න ඕනේ වෙනවිට මේ නූල හෙමිහිට බුරුල් කරනවා. ඒකත් අපි බලාගන්න පුළුවන්. වසංගතය යොදාගෙන ආණ්ඩුවට එන චෝදනා මැඩපවත්වාගැනීමට තමයි හදන්නේ. ඒ නිසා අපි හෙලා දකිනවා.