මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් එක්ලක්ෂ දෙදහස් දෙසිය හැත්තෑ එකක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර අද(26) ආසාදිතයින් 892ක් හඳුනාගෙන තිබෙනවා. මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන ආසාදිතයින් ප්‍රමාණය අනුහතර දහස් පන්සිය හැත්තෑ හත්දෙනකු ඉහල ගොස් තිබෙනවා. අද 266ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
මෙරට රෝහල්ගත ප්‍රතිකාර ලබන ප්‍රමාණය හත්දහස් පනස් දෙදනකු වේ. නිරෝධායනට ලක් කළ අයගෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේදි එකම පවුලේ අය මේ ආකාරයට කොවිඩ් 19 ආසාදිතයින් බව හඳුනාගෙන තිබෙනවා. විදේශවලින් පැමිණි 25 හා 26 දෙදින තුල හතළිස් පස්දෙනකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.