යෝජිත වරාය නගර පනත මගින්, අධිකරණය, පාර්ලිමේන්තුව මෙන්ම මුදල් ඇමතිවරයා සතු බලතල කොමිසම් සභාව යටතට පවරමින් අණපනත් ගණනාවක් අකර්මන්‍ය කර තිබෙන බවත් මෙය ඉතා භයානක හා නරක පූර්වාදර්ශයක් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වරාය නගර ව්‍යාපෘතිය මෙරටට යෝග්‍ය ආකාරයට ක්‍රියාත්මක කරනවානම් ඊට තම පක්ෂයේ කිසිඳු විරුද්ධත්වයක් නැති බව පවසන අබේවර්ධන මහතා එය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන්නේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකළේ මහා සංඝරත්නය, ගාල්ල දිස්ත්‍රික් එජාප නීතීඥයින්, සංවිධායකවරු හා පළාත් පාලන ආයතන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය 25 වෙනිදා ගාල්ල දිස්ත්‍රික් එජාප කාර්යාලයේදී පැවැති රැස්වීමට එක්වෙමිණි.
මෙම රැස්වීමට සහභාගී වූ මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු අයට වරාය නගර ව්‍යාපෘතියට අදාළව රජය මගින් සකස් කර තිබෙන නව පනත් කෙටුම්පත හා යහපාලන රජය සමයේ මෙම වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දු තීරණ ඇතුළත් පත්‍රිකා බෙදා දෙමින් දැනුවත් කිරීම සිදු කළේය.