22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ්19 පැතිර යෑමට මුහුණදීමට නම් ජනතාවගෙන් 80%කටවත් එන්නත් ලබාදීය යුතුයි.

කොවිඩ්19 පැතිර යෑමට මුහුණදීමට නම් ජනතාවගෙන් 80%කටවත් එන්නත් ලබාදීය යුතුයි.

මේවනවිට කොවිඩ්19 වසංගතය අපේ රටේ සමාජගත වෙලා අවසානයි ඊට මුහුණදීම සඳහා ශක්තිමත් ලෙස සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබාදිය යුතු බව ලංකා සමසමාජ පක්ෂයේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රි මහචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහත මේ බව සඳහන් ඉකුත්(26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහචාර්ය විතාරණ මහතා මෙසේද කීය……………
කොවිඩ් 19 වෛරසය දැන් වැඩිවෙලා තිබෙනවා. වෛරස ප්‍රභේද තියෙනවාද ඒ ජාන මතම තමයි මෙම වෙනස් කම් සිදුවෙන්නේ වෛරසය තුලම. දැන් පෙනෙන හැටියට යම් ප්‍රභේද මතුවෙලා තිබෙනවා. පැතිර යෑම සීඝ්‍රයෙන් සිදුවෙනවා. වෛසර ආසාදිතයින් දරුණු තත්ත්වයකුත් ඇතිවන බවට කරුණු පැහැදිලි වෙමින් තිබෙනවා. ඒ නිසා සියලු දෙනාම ප්‍රවේශම් වෙන්න ඕනේ තමන්ගේ ආරක්ෂාවට. කොවිඩ් 19 සමාජගතවෙලයි තිබෙන්නේ පොකුරුවලට සීමා වෙලා නැහැ. සෑම දෙනාටම වහාම හොඳ සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබාදෙන්න ඕනේ. එදා පාචන වසංගත අවස්ථාවේදී පාසැලේ සිටම සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබාදුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කර තිබෙනවා එන්නත් ලබාදෙන්න ඕනේ කියලා ඒක බොහෝම හොඳයි. වෛරස විශේෂඥයෙක් ලෙස කියන්න ඕනේ එන්නතක් සීයයට සීයක්ම ආරක්ෂිතයි හොඳයි කියන්න සාමන්‍යයෙන් වසර හතක කාලයක් යනවා. දැන් වසරක කාලයකදී නිෂ්පාදන කළ එන්නත් තමයි ලැබෙන්නේ. අපි දන්නේ ඒ එන්නත් කොච්චර සාර්ථක වෙයිද කියලා. එන්ත සාර්ථක වුණා කියලා හිතුවත් වෛරසය පැතිර යෑම වළක්වන්න නම් සමාජයේ සීයට අසුවක් එම එන්නත් ලැබිය යුතුයි. එසේ කළොත් තමයි සමාජයේ පැතිර යෑමට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඒ තත්ත්වයට එන්න සෑහෙන කාලයක් යනවා. තවම නිපදවා තිබෙන එන්නත් ප්‍රමාණය මදි. ලෝකයේ වෛරසය පැතිර යෑම ගැන සළකා බලන විට. ලංකාවේ එන්නත් ලබාදීමේ ආරම්භය හොඳයි. 20%ක් එන්නත් කිරීමෙන් මේක පාලනය කරන්න බැහැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments