දේශපාලන පළිගැනීම් කොමිසමෙන් තමාව නිදහස් කළා කියා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් පැවැසීම අසත්‍යක් බවත් තමාව නිදහස් කළේ අධිකරණය බව සීමසහිත ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති , කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ 08, බොරැල්ලේ පිහිටි ඇන්.ඇම්.පෙරේරා අනුස්මරණ මධ්‍යස්ථානයේ පැවැති එම සම්මේලනය කැඳවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද කීය……….පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා ඉකුත් දින දේශාපලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පැවැති විවාදයේදී ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානයක මහතා පාර්ලිමේන්තුවේදි හා ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මා පිළිබඳ සිදුකළ ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර මාව 2019 දෙසැම්බර් 20 මාව ගුරු අධිකරණය තමයි මාව නිදහස් කළේ. මේවන විට ඇමැති වාසුදේව නානයක්කාර මහතා මගින් අනුර කුමාර දිසානායක මහතාගෙන් මේ පිළිබඳ ප්‍රශ්නයක් ඇසීමට අපි කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ජ.වි.පෙ. නායකයාටත් ලිපියක් මගින් මේ ගැන දැනුම් දුන්නා. ඒ අය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මෙවැනි අසත්‍ය ප්‍රකාශ කළාම අපිට සිදුවන හානියට කොහොමද සාධාරණයක් ඉටුවෙන්නේ. මම දේශපාලන පළිගැනීම් කොමිසමට ගියේ මට සිදුවු හානියට සාධාරණයක් ඉල්ලලයි.
මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ නිසා තමයි ඒ අයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර තුනට බැහැලා තිබෙන්නේ.
ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ ගම්පහ දිස්ත්‍රික්ක සංවිධායක සංජීව ධම්මක හා කොළඹ දිස්ත්‍රික්ක සංවිධායක ධම්මික පීරිස් යන මහත්වරුද මෙහිදි අදහස් දැක්වූහ.