රට තුළ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වසංගත රෝග තත්වය හමුවේ පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ අපහසුතා මඟහරවමින් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළ ගණන් යටතේ ලබා ගැනීමේ අවස්ථාව සැලසීම සඳහා සතොස සහන මල්ල-2 වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(30) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍යහමුවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය…………ඒ අනුව සතොස සහන මල්ල-2 වැඩසටහනේ පවතින විශේෂත්වය වශයෙන්, සම්බා සහල් කිලෝවක්, නාඩු සහල් කිලෝවක්, පිටි කිලෝවක්,ඕස්ට්රේෂලියන් රතු පරිප්පු කිලෝ එකක්, තායි හාල්මැස්සන් ග්රෑසම් 200ක්, සුදු සීනි කිලෝවක්, රජයේ කාර්මික තාක්ෂණ ආයතනය විසින් නිෂ්පාදිත විෂබීජ නාශක දෑත් සෝදන දියර මිලිලීටර් 50ක්, තේ අලෙවි මණ්ඩලයේ සහතිකය සහිත තේ ග්රෑ ම් 100ක්, සෝයා ග්රෑෑම් 50ක්, කෑලි මිරිස් ග්රෑටම් 100ක් යන භාණ්ඩ වර්ග රුපියල් දහසක මුදලකට දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා ලබා ගත හැකියි.
රුපියල් දහසක මුදලකට මෙම සහන මල්ල ලබා ගන්නා පාරිභෝගික ජනතාවට ජාතික කිරි මණ්ඩලයේ නිෂ්පාදනයක් වන හයිලන්ඩ් කිරිපිටි පැකට් 1ක් වෙළෙඳපොල පවත්නා මිළට වඩා අඩු මිළකට ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබෙනවා.
පේරාදෙණිය විශ්ව විද්යාසලයේ මහාචාර්ය හා ආචාර්යවරුන් කණ්ඩායමක් විසින් නිපදවන ලද ලොව ප්‍රථම RESPIRONE NANO AV99 – නැනෝ තාක්ෂණික මුහුණු ආවරණය ඊයේ දින සතොස අලෙවිසැල් ජාලය හරහා ලබා ගැනීමට මුහුණු ආවරණ ලක්ෂයක ප්‍රමාණයක් නිකුත් කරන ලද බවත් පැය 24ක් ගත වීමට ප්‍රථම එම නැනෝ තාක්ෂණික මුහුණු ආවරණ ලක්ෂයක ප්‍රමාණයම අලෙවි වි තිබෙනව බව වාර්තාවෙනවා.
මෙම මුහුණු ආවරණය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවක් මේ වන විට නොමැති බැවින් ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයා ගනිමින් දැනට පවත්නා ඉල්ලුමට සරිලන සැපයුමට අවශ්‍ය නිෂ්පාදනය සිදු කිරීමට කටයුතු සලසා තිබෙනවා. දැනට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ හා රජයේ අනෙකුත් ආයතන වලින් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට ලැබී ඇති ඇණවුම් කඩිනමින් ලබා දීමට හැකිවෙනවා.
ලොව පුරා විවිධ රටවල් වලින් මෙම RESPIRONE NANAO AV99 වෛරස නසන මුහුණු ආවරණය සඳහා ඇණවුම් ලැබී ඇති නමුත් මෙරට දැනට පවත්නා ඉල්ලුමට සරිලන නිෂ්පාදනය සිදු කර වෙළෙඳපොලට නිකුත් කරනු ලබන තෙක් එම ඇණවුම් තාවකාලිකව නවතා දැම්මා. සාමාන්‍ය මුහුණු ආවරණයක් නිෂ්පාදනය කිරීමට වඩා මෙම මුහුණු ආවරණය නිෂ්පාදනය කිරීමේ දී රසායන ද්‍රව්‍ය ගැල්වීම වැනි කටයුතු සිදු කිරීමටත්, ඒවායේ ක්‍රියාකාරීත්වය සඳහා වැඩි කාලයක් ගත වෙනවා. එබැවින් මෙම නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමේ කටයුතු සිදු කෙරෙන අතරතුර එක් පාරිභෝගිකයෙකුට ලබා ගත හැකි වෛරස නසන මුහුණු ආවරණ ප්‍රමාණය සීමා කිරීමට සිදුවෙනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා සතොස සභාපති, සතොස ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ