22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්සියලු සේවකයින්ට රුපියල් පන්දහසකින් වැටුප් වැඩිකරන්න. ලෙස්ලි දෙවේන්ද්‍ර

සියලු සේවකයින්ට රුපියල් පන්දහසකින් වැටුප් වැඩිකරන්න. ලෙස්ලි දෙවේන්ද්‍ර

කොවිඩ් 19 වසංගතය හමුවේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල සැළකිල්ලට ගෙන රාජ්‍ය, රාජ්‍ය ව්‍යාපාර හා පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ගේ වැටුප් රුපියල් පන්දහසකින් වැඩිකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සිය මැයිදින පණිවුඩය වෙනුවෙන් යෝජනා හතක් රජයට ඉදිරිපත් කියා සිටින බව එහි ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන ඒ මහතා මෙසේද කියා සිටියි. මෙවර මැයි දිනය පැවැත්වීමට සිදුවි තිබෙන්නේ කොවිඩ්19 වසංගතය ලොවම ග්‍රහණයට ගත් අවස්ථාවක බව තේරුම් ගත් අප සංගමය ඉදිරියේදී මතුවන අභියෝගවලට මුහුණදීම සඳහා කම්කරු සංවිධාන, හාම්පුතුන් සහ රජය යන සියලු පාර්ශවයන් නව ආකල්ප තුලින් ක්‍රියා කල යුතුයි.

යහපාලන රජයෙන් 2019දී රාජ්‍ය සේවකයින්ට ලබාදුන් රුපියල් 2500ක දීමනාව රාජ්‍ය ව්‍යාපාරවලට අහිමි කිරීම හෙලා දකින අතර වත්මන් ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි එම දීමනාව සියලු රාජ්‍ය ව්‍යාපාරවල සේවකයින්ටත් වහාම ලබාදිය යුතුවේ.

වැවිලි අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩිකිරීමට රජය ගෙන ඇති පියවර ගැන ප්‍රසාදය පළ කරන අතර හාම්පුතුන් එම දීමනාව කප්පාදු කිරීම සඳහා සේවකයින් වැඩකළ යුතු කාලසීමාව සහ ඔවුන් ලබාදියයුතු ඵලදායිතා ඉලක්ක අත්තෝමතික ලෙස වැඩිකිරීම තරයේ හෙළා දකිනවා. ඒ සඳහා රජය මැදිහත් විය යුතුයි.

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අප සංගමය විසින් ගෙන ඇති යෝජනා රජය අනුමත කර තිබියදීත් උදාහරණයක් ලෙස නිත්‍ය රාජකාරි සඳහා කොන්ත්‍රාත්කරුවන් මගින් සේවය ලබාගැනීම තහනම් කිරීම සහ ලංකාවේ සියලුම සේවකයින්ගේ විශ්‍රාම යෑම අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යෝජනවාක් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබියදීත් එම පනත ක්‍රියාත්මක කිරීම කම්කරු දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් හිතාමතාම කඩාකප්පල් කිරීම හෙලා දකිනවා.

මෙරටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයන විදේශ ශ්‍රමිකයින්ගේ 35000 පමණ ඉදුම් හිටුම් නොමැතිව සිටින බව අවධාරණය කරන අප සංගමය මොවුන් එකවර ගෙන්වා ගැනීම පිළිබඳ රජයට ගැටලු ඇති බව පිළිගන්නා අර මේ අප පුරවැසියන් ලෙස සලකා ඔවුන් හැකි ඉක්මනට අපරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

මේ රටේ ව්‍යවස්ථාව අනුව තමන් කැමැති වෘත්තීය සමිතියකට සම්බන්ධවීමට සහ එම සමිතියේ කටයුතු කිරීම තුට්ටුවකට නොසළකමින් රජයට සම්බන්ධ එක්තරා වෘත්තීය සමිතියක් අප සංගමයේ සාමාජිකයින් දඩයම් කිරීම සහ ඔවුන්ට අප සංගමයේ ඉවත්වීමට අනිසි බලපෑම් කරන රජයට සම්බන්ධ සමහර පාලකයින් මේ රටේ ව්‍යවස්ථාවටපටහැනිව ක්‍රියාකිරීම සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. මේවා නැවැත්වීමට පියවර නොගතහොත් එහි ප්‍රතිඵල වත්මන් රජයට අනිවාර්යෙන්ම විඳින්නට සිදුවන ඇතිබවට අනතුරු හඟවන්නේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments