23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්දෙවන දිනයේ ටෙස්ට් තරඟයට කාලගුණයේ බාධා.

දෙවන දිනයේ ටෙස්ට් තරඟයට කාලගුණයේ බාධා.

ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනයට අයහපත් කාලගුණය හේතුවෙන් බාධා එල්ලවුණි.

ඒ හේතුවෙන් බංග්ලාදේශ පන්දුයවන්නන්ට යැවීමට හැකි වූයේ පන්දු ඕවර 65.5ක් පමණි.

සවස 4.15ට පමණ තරඟය නවතා දමන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබාසිටි ලකුණු ගණන 469කි.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 64යි. රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 22යි.

ඔවුන් දෙදෙනා මේ දක්වා 7 වැනි කඩුල්ල සඳහා රැස්කර ඇති ලකුණු ගණන 87කි.

ලකුණු 291ට කඩුලු 1ක් ලෙස දිනය ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්න ලකුණු 140කට දැවී ගියේය.

ඇන්ජලෝ මැතිව්ස් (05) සහ ධනංජය ද සිල්වා (02) ට වැඩිවේලා කඩුල්ලේ රැඳී සිටීමට බංග්ලාදේශ පන්දුයවන්නෝ ඉඩ නොදුන්හ.

පැතුම් නිශ්ශංක ලකුණු 30 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 81ක් රැස් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments