21.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්ජාත්‍යාන්තර කම්කරු දිනය අදයි.

ජාත්‍යාන්තර කම්කරු දිනය අදයි.

ලෝකවාසි කම්කරු ජනතාව තවත් අභිමානවත් කම්කරු දිනයක් අද(01) සමරති. මෙවර එකසිය තිස් පස්වන කම්කරු දිනය සමරන වැඩකරන ජනතාව කොවිඩ්19 හෙවත් නවකොරෝනා වෛරස ගෝලීය වසංගතය හමුවේ රැකියා සුරක්ෂිතභාවය,ශ්‍රමයට සරිලන වැටුපක් ලබා ගැනීම ඇතුළු අභියෝග රැසකට මුහුණ දී සිටිති.

වසර 1886දි අමෙරිකාවේ චිකාගෝ නගරයේ කම්කරු විරෝධතාවයකට ප්‍රහාරයක් එල්ල කර මර්දනය කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් වසරක් පාසා මැයි(01) කම්කරු දිනය සමරනු ලැබේ. වසර 1933 සිට මෙරට ශ්‍රී ලාංකික වැඩකරන ජනතාවද කම්කරු දිනය සැමරීමට එක්වි සිටින අතර වර්තමානයයේ රටේ ඇතිවි තිබෙන කොවිඩ් 19ගෝලීය වසංගත තත්ත්වයේ තෙවන රැල්ල හේතු කොටගෙන සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශයන් අනුව මෙවර මැයි දින පෙළපාලි රැස්වීම් සිදුනොකරන ලෙස රජය ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම මෙරටේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවයේ තදබල ගැටලුවකට ඔවුන් මුහුණදී සිටිති. එක් පැත්තකින් කොවිඩ් 19 හෙවත් නවකොරෝනා වසංගතයේන් බේරීමට රජය ලබාදෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිසි ලෙස කටයුතු කිරීමටත් අනෙක් පැත්තෙන් සිය ආදායම කප්පාදුවීම පිළිබඳ අභියෝගයන්ට මුහුණ දෙමින් මෙවර මැයිදිනයේදි මෙරට කම්කරු පන්තිය ක්‍රියා කිරීමට සිදුවි තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments