26.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්ජනජීවිතය අඩාලවන සීම පැනවීම්නොකට ඔවුන්ගේ ජීවිත යථාවත්ව ගෙනයෑමට රජය නිරතුරුවම කටයුතු කරනවා.ජනපති

ජනජීවිතය අඩාලවන සීම පැනවීම්නොකට ඔවුන්ගේ ජීවිත යථාවත්ව ගෙනයෑමට රජය නිරතුරුවම කටයුතු කරනවා.ජනපති

රජය පොරොන්දු වු පරිදි ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය තහවුරු කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ අපේ උරුමයන්ට සහ දේශියත්වයට කිසිදු හානියක් නොවන පරිදි ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

කෘෂි ආර්ථිකය ඉහළ නැංවිමට ද අවශ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව පෙන්වා දෙන ජනාධිපතිවරයා බොහෝ කම්කරු ප්‍රජාවන් දැඩි පීඩාවට පත්කරන දුප්පත්කම අප සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බව සඳහන් කළේය.

ජාත්‍යන්තර  කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේය.

එමෙන්ම වර්මතානයේ පවතින කොවිඩ් -19 වසංගතයෙන් ලොව වඩාත් අභියෝගයකට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍රජාව බව ජනාධිපතිවරයා පවසයි.

රටේ වැඩකරන ජනතාවට මුහුණදීමට සිදුවන ඒ යථාර්ථය ආණ්ඩුව නිවැරදිව අවබෝධ කරගෙන සිටින බැවින් එම ජනතාවගේ ජන ජීවිතය අඩාල වන සීමා පැනවීම් නොකොට ඔවුන්ගේ ජිවිත යථාවත්ව ගෙනයාමට රජය නිරතුරුවම කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments