22.4 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්ගොවිබිම් උකස්කොට බේරාගත නොහැකිව සිටින අයට එය බේරාගැනීමට සමූපකාරයෙන් ණයක්.

ගොවිබිම් උකස්කොට බේරාගත නොහැකිව සිටින අයට එය බේරාගැනීමට සමූපකාරයෙන් ණයක්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්ෂද්‍ර මූල්‍ය ණය ලබාගෙන දැනට ගෙවා ගැනීමට නොහැකිව සිටින ගොවීන්ගේ ගැටළු විසඳීම මූලික කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පසුගියදා (27) පැවැත්විණි.

ඒ පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමා සහ සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් අතරයි.

මෙම සාකච්ඡාවේදී ඉතා වැදගත් තීරණ කිහිපයක් ගැනීමට හැකියාව ලැබුණි. ඒ අනුව, පුද්ගලික ගැනුම්කරුවන් වෙත තම ගොවිබිම් උගස් කර ඇති, නැවත එම කුඹුරු ඉඩම් බේරාගැනීමට නොහැකිව සිටින ගොවීන් වෙනුවෙන් සමූපකාරය මඟින් එම උගස් ණය ගෙවීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ තීරණය විශේෂ වේ.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගොවි ජනතාව ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව මෙම වැඩසටහන ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙහිදි සිදුකරණු ලබන්නේ , උගස් කර ඇති, නමුත්බේරා ගැනීමට නොහැකි කුඹුරු ඉඩම් වෙනුවෙන් සමූපකාරය මැදිහත් වී උගස බේරා ඉඩම නිදහස් කර ගැනීමයි. ඉන් අනතුරුව ඉඩම් හිමියාට එම ඉඩම් වල වගා කිරීමට හැකියාව ලබා දෙන අතර, එම අස්වැන්න ද සමූපකාරය මඟින් මිලදී ගැනීමට සැලසුම් කර ඇත. ඉඩම් හිමියාට ඉතා අඩු ප්‍රතිශතයකට අනුව වාරික වශයෙන් අදාල ඉඩමේ ණය ගෙවීමට හැකියාව ලබාදෙන අතර, ගොවිබිමේ භුක්තියට ද කිසිඳු බාධාවක් සිදු නොවේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් 89000 කට අධික පිරිසක් ගොවිතැන් මඟින් ජීවිකාව ගෙන යන අතර එයින් 50% කට වඩා පිරිසක් ඔවුන්ගේකුඹුරු ඉඩම් උගස් තබා ඇති බවත්, එහිදී අධික පොළි මිලක් ගෙවීමට සිදුවිමත්, ඉඩමේ භුක්තිය සම්බන්ධව ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන නිසාත්, විවිධ හේතුන් මත අස්වැන්නේ ප්‍රමාණය වෙනස් වීම මත ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණ භාවයට මින්සුන් පත්වන බවත්, අවසානයේදී ඉඩමත්, ආදායමත් දෙකම අහිමි වී යන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහමහතාමෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.

මෙම තත්ත්වය මඟ හරවා ගනිමින් ඔවුනට බාධාවකින් තොරව ගොවිතැන් කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මෙහිදී තීරණය විය. මෙහි නියමු ව්‍යාපෘතිය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට යෝජිතය.

ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ නියමු වැඩසටහන සඳහා තෝරාගනු ලබන ගොවීන් ප්‍රමාණය හා ඔවුන්ගේ විස්තර ලබා ගැනීමත්, ක්‍රියාත්මකකිරීමත් කමිටුවක් හරහා සිදු කිරීමට යෝජනා කෙරුණි. ඒ අනුව එම කමිටුවේ වාර්තාව මැයි මස 15 වන දින ලබා දීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් දෙපලට අමතරව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, සමූපකාර සේවා ,අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, සණස මහා සංගමයේ ප්‍රධාන විධායක නිළධාරිතුමා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්තුමා, ශ්‍රී ලංකා සමූපකාර ග්‍රාමීය බැංකු මහා සංගමයේ ප්‍රධාන විධායක නිළධාරිතුමා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments