21.9 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්ජනහිතකාමි වැඩබිමක් සුරක්ෂිත දේශයක් සඳහා කැපවෙමු. කම්කරු ඇමැති

ජනහිතකාමි වැඩබිමක් සුරක්ෂිත දේශයක් සඳහා කැපවෙමු. කම්කරු ඇමැති

ජනහිතකාමී වැඩබිමක් – සුරක්ෂිත දේශයක් සඳහා කැපවෙමු යැයි මෙවර මැයි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි.

මානව වර්ගයාගේ යහපැවැත්ම, සුරක්ෂිතතාවය හා අනාගත අභිලාෂයන් මුදුන්පත් කරලීමට සිය ශ්‍රමය කැපකර වැඩකරන ජනතාව ඇගයීම හා සැමරීම සඳහා වෙන් කර ඇති මැයි දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම කම්කරු අමාත්ය වරයා වශයෙන් මා ලද භාග්‍යක් ‍කොට සළකමි. කොරෝනා වසංගතය හේතුවෙන් පෙර පරිදි මැයි දින ‍පෙළපාලි රැලි,උත්සව හා සැමරුම් පැවැත්වීමට නොහැකි වීම වැඩකරන ජනතාවට මෙන්ම රජයට ද ඉමහත් කණගාටුවකි.

නූතන සමාජ ප්රකගමනය උ‍දෙසා ඉමහත් දායකත්වයක් ලබාදෙන කම්කරු ජනතාව අනාදිමත් කාලයක් තිස්සේ කරන ලද අරගල, ජීවිත පරිත්යා්ගයන් හා කම්කරු සටන් තුලින් අත්කර ගන්නා ලද වරප්රකසාදයන් හා අයිතීන් සුරක්ෂිත කරමින් ඒවා වඩාත් ශක්තිමත් කිරීමේ වගකීම රජයට පැවරී ඇත. මෙම වගකීම මනාව තේරුම් ගත් අප රටේ වර්තමාන රාජ්යර නායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ‍පෞද්ගලික අංශයේ සේවක ආරක්ෂාව ඇති කිරීම හා නිපුන විදේශ ශ්‍රමික බලකායක් ඇති කිරීම යන ක්ෂේත්‍රයන් යටතේ වූ කාර්යයන් සුවිශේෂි ප්‍රමුඛතා ලෙස හඳුනාගනිමින් වැඩකරන ජනතාවගේඅයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඵලදායිතාවය හා සුභසාධනය ඉහළ නැංවීමටත් වැඩකරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීමටත් කටයුතු කිරීමේ වගකීම කම්කරු අමාත්යාංතශය හා ඊට අනුබද්ධ ආයතන වෙත පවරා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments