28.6 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්ජාතික ව්‍යසනයෙන් රට මුදවාගැනීම වෙනුවෙන් මෙවර මැයි දිනය කැපකරමු.

ජාතික ව්‍යසනයෙන් රට මුදවාගැනීම වෙනුවෙන් මෙවර මැයි දිනය කැපකරමු.

ජාතික ව්‍යසනයෙන් රට මුදාගැනීම වෙනුවෙන් මෙවර මැයි දිනය කැපකරමු යැයි තේමාව ඔස්සේ මෙවර රාජ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සියමැයි දිනය පණිවුඩය නිකුත් කරමින් එහි සභාපති ඩබ්ලිව්.එච්.පියදාස මහතා ප්‍රකාශ කරයි.

එම නිවේදනයේ කරුණු වැඩිදුරටත් මෙසේ දැක්වේ……… ලොව කම්කරු අයිතීන් දිනාගැනීමේ සමාරම්භය ලෙස සනිටුහන් වන ජගත් කම්කරු දිනයේ 135 වැනි සංවත්සරය අදට යෙදී තිබේ. එය උත්කර්ෂවත් ලෙස සමරන ලොව බොහෝ රටවල කම්කරුවන්ට ඒ සමිබන්ධ මැයිදින පෙළපාලි, රැස්වීම්, මැයිදින රැළි ඇතුළු සියලු ක්‍රියාකාරකම් නවත්වා මෙවර මැයි දිනයේ දී
සිය නිවෙස්වලට වී සිටින්න⁣ට සිදුව තිබේ.

බාධාවකින් තොරව මෙවර මැයිදින සැමරුම්වලට එක්විය හැකිව සිටින්නේ ආරක්ෂිත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කර කොරෝනා අර්බුදය යම් තරමකට හෝ පාලනය කරගත් රටවල් අතළොස්සක වෙසෙන වැඩකරන ජනතාවට පමණි.

යම් පමණකට හෝ කොරෝනා අර්බුදය පාලනය වෙමින් පැවති අපේ රට තුළ රටේ ජනතාවගෙන් බොහෝ පිරිස් පසුගිය දිනවල වගකීම් විරහිතව හැසිරුණු ආකාරය අපට පැහැදිලිව දක්නට ලැබිණි. එහි අවාසනාවන්ත ප්‍රතිඵලය අපි අද අත්විඳිමින් සිටිමු.

එවන් අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවා ජනතාව ඒකරාශී කරන මැයිදින පෙළපාලි හා රැස්වීම් පැවැත්වීමට මෙරට සමහර වගකීම් විරහිත වෘත්තීය සමිති නියෝජිතයන් පෙළඹී සිටීම කණගාටුවට කරුණකි.

ලෝක කම්කරු දිනය යනු අපේ වැඩකරන ජනතාවගේ දිනය බවත්, නොවිසඳී ඇති ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව පාලක පන්තියට දැනෙන්නට හඬනැගිය හැකි මා හැඟි අවස්ථාව මැයිදිනය බවත් සත්‍යයකි. එහෙත්, ඒ සඳහා කටයුතු කරන බව පවසමින් කොරෝනා වසංගතයට කම්කරු පන්තිය ⁣බිල්ල⁣ට දීම කිසිසේත් ම අනුමත කළහැකි දෙයක් නොවේ.

මන්ද ? වැඩකරන ජනතාවක් ගැන හෝ ඔවුන්ගේ වෘත්තීය සමිති අයිතිවාසිකම් ගැන ඉදිරියේ දී අපට කතා කළ හැක්කේ ඒ සඳහා රටක් ඉතිරිවුවහොත් පමණි.

කොරෝනා අර්බුදය හමුවේ ලෝකය ම අර්බුදයට පත්ව තිබෙන මොහොතක මෙරට බුද්ධිමත් වැඩකරන ජනතාව සිදුකළ යුත්තේ රට තව තවත් අර්බුදයෙන් අර්බුදයට යැවීම නොව, මෙම ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වෙහෙසෙන සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලට සහාය වීම යි.

එසේ ම, පාලකයන්ගේ යුතුකම වියයුත්තේ, ⁣’සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් එහෙත්, තවමත් නොවිසඳී ඇති මෙරට වැඩකරන ජනතාවගේ කැකෑරෙන සේවා ගැටළුවලට නොපමාව විසඳුම් ලබා දී මෙම අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින වැඩකරන පන්තියට සහන සැලසීම යි.

එහෙයින්, කොරෝනා අර්බුදයෙන් ගැලවීම සඳහා සබුද්ධික වැඩකරන ජනතාවක් ලෙස බුද්ධිමත්ව පෙළ ගැසෙන්නට කටයුතු කරමින් නොවිඳුණු සේවා ප්‍රශ්න නොපමාව විසඳන ලෙස දිගින් දිගටම රජයට බලකිරීමට මෙවර මැයිදිනයේ දී එකාවන්ව අදිටන් කරගනිමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments