25.8 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්එන්නත් කරන වැඩපිළිවෙල රජයට ක්‍රියාත්මක කළ හැකියි.

එන්නත් කරන වැඩපිළිවෙල රජයට ක්‍රියාත්මක කළ හැකියි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමේ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රජයට හැකි බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඒ සදහා අවශ්‍ය එන්නත් ලක්ෂ 06ක ප්‍රමාණය ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ලබා ගැනීමට නොහැකි වුවහොත් වෙනත් රටකින් හෝ ලබා ගැනීමට රජයේ අවධානය යොමුව ඇති බවද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මහජනතාව සමග නිතර සබඳතා පවත්වන තමන් වෙත කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය පසුගියදා රජයෙන් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය සුදර්ශණි ප්‍රනාන්දු පුල්ලේ මෙහිදී අදහස් පල කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments