මෙරටට පැමිණෙන ගුවන් යානයක උපරිම මගීන් සංඛ්‍යාව 75 දෙනෙකු දක්වා සීමා කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්යනස්ථානය විසින් මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
රට තුළ පවතින කොවිඩ් -19 අවදානම හා ජාත්‍යන්තර ගුවන් යානා මඟින් මෙරටට පැමිණෙන මගීන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව හෙට (03) දිනයේ සිට ඉදිරි දින 14ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි මෙරටට පැමිණෙන ගුවන් යානයක සිටිය හැකි උපරිම මගින් සංඛ්‍යාව 75 දෙනෙකුට සීමා කළ යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.