29.4 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වසා දැමේ /රියදුරු බලපත්‍ online ක්‍රමයට

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වසා දැමේ /රියදුරු බලපත්‍ online ක්‍රමයට

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්ගමේන්තුවේ සියලු මහජන සේවාවන් යළි දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව ජනතාව එක්රැස්වීම වැළැක්වීම සඳහා එම තීරණය ගත් බව ඔහු පවසයි.

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු සෙසු පළාත් කාර්යාල යළි දැනුම්දෙන තුරු වසා දමා තිබේ.

කෙසේවෙතත් ජාතික හැඳුනුම්පත් ලබාගැනිම සඳහා දින වෙන්තර ගත් සියලු අයදුම්කරුවන් සඳහා ජාතික හැදුනුම්පත් සකස් කර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත කඩිනමින් යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

එමෙන්ම විභාග ඇතුළු හදිසි අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනිමට අවශ්‍ය පුද්ගලයින් සඳහා ඒවා සකස් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇති අතර දෙපාර්තමේන්තුවේ 011 5 226 126 හෝ 011 5 226 100 යන දුරකථන අංක ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර විමසීම් සිදුකළ හැකි බව වියානි ගුණතිලක මහතා වැඩිදුරටත් කියාසිටියේය.

මේ අතර

සෞඛ්‍ය උපදෙස් මත ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වේරහැර කාර්යාලයේ සේවාවන් හෙට (03) සිට සතියක කාලයක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

එම ආයතනයෙන් මින් ඉදිරියට සේවා සපයනු ලබන්නේ, ඕනෑම දුරකථන ජාලයකින් අංක 225 ඇමතීම මඟින්, ස්ථාවර දුරකථන මඟින් 1225 ඇමතීම මඟින් හා e-channelling සේවාව මඟින් වේලාවන් වෙන්කර ගත් සේවාලාභීන් සඳහා පමණී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments