22.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්බස්නාහිරින් කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්.

බස්නාහිරින් කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්.

බස්නාහිර පළාතෙන් පමණක් ඊයේ (02) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් දහස ඉක්ම වූ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතිත ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 1,891 දෙනා අතරින් 1,014 දෙනෙක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 387 දෙනෙකු වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 330 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 දෙනෙකු වාර්තා වී තිබේ.

මීට අමතරව තවත් දිස්ත්‍රික්ක 21කින් ඊයේ නව ආසාදිතයින් 829ක් හඳුනාගෙන තිබුණි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙනි. ඒ ආසාදිතයින් 81ක් ලෙසය.

මීට අමතරව කොළඹ නගර සීමාවෙන් ආසාදිතයින් 64ක් හඳුනාගෙන ඇති අතර, අතුරුගිරියෙන් 15ක්, බොරලැස්ගමුවෙන් 14ක්, දෙහිවල 17ක්, හෝමාගම 13ක්, මොරටුවෙන් 17ක්, නවගමුවෙන් 12ක්, පාදුක්කෙන් 25ක්, වැල්ලම්පිටියෙන් ආසාදිතයින් 23ක් ලෙස වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් සීදුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ ආසාදිතයින් 52ක් ලෙසය.

මීට අමතරව බියගම 18ක්, දිවුලපිටිය 23ක්, කටුනායක 11, මීරිගම 38ක්, මිනුවන්ගොඩ 30ක්, නිට්ටඹුව 49ක් හා වේයන්ගොඩින් 21ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ගණනක් පානදුර දකුණ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ ආසාදිතයින් 58ක් ලෙසය.

මීට අතරව බදුරලියෙන් ආසාදිතයන් 41ක්, බණ්ඩාරගම 18ක්, බේරුවල 31ක්, කළුතර 39ක්, මතුගම 19ක්, මීගහතැන්න 52ක්, පානදුර උතුර 19ක් හා තීනියාවල 12ක් වාර්තා වී තිබේ.

කුරුණැගල දිස්ත්‍රික්කයෙන් 51, ගාල්ල 80ක්, මොනරාගල 44ක්, මාතර 17ක්, කෑගල්ල 47ක්, බදුල්ල 35ක්, අම්පාර 7ක්, අනුරාධපුරයෙන් 71ක්, ත්‍රිකුණාමලයෙන් 45ක්, වව්නියාවෙන් 3ක්, මහනුවර 66ක්, නුවර එළියෙන් 102ක්, රත්නපුරයෙන් 70ක්, පුත්තලම 88ක්, යාපනය 5ක්, මාතලේ 22ක්, පොළොන්නරුව 19ක්, කිලිනොච්චිය 14ක්, මඩකලපුවෙන් 2ක්, හම්බන්තොට 35ක් හා මුලතිව් 6ක් ලෙස සෙසු ආසාදිතයින් වාර්තා වී ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments