22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කම්කරු කාර්යාල වෙත පැමිණීම සීමා කරන්න ජනතාවගෙන් ඉල්ලීමක්.

කම්කරු කාර්යාල වෙත පැමිණීම සීමා කරන්න ජනතාවගෙන් ඉල්ලීමක්.

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනා ගැනීම නිසා දැනටමත් ප්‍රාදේශීය කම්කරු කාර්යාල කිහිපයක් වසා දමා ඇති බැවින් කොළඹ ප්‍රධාන කාර්යාලයට හා අනෙකුත් කාර්යාලවෙත එන ජනතාව තමන් සිතා මෙම කාලසීමාව තුල රාජකාරි කරගැනීමට පැමිණීමෙන් සීමා වෙනවා නම් හොඳ යැයි කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනට අපේ අම්බලන්ගොඩ, මහරගම හා කළුතර කම්කරු කාර්යාල ආසාදිතයින් හඳුනා ගැනීම නිසා වසා දමා තිබෙනවා. ඒ නිසා ඊළඟ මොනවා වෙනවද කියා අපිට සිතන්න බැහැ. දැනට අපි රාජ්‍ය පරිපාලනය විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව නිලධාරීන්, සේවකයින් සේවයට ඇවිත් රාජකාරි කටයුතු කරගෙන යනවා. ජනතාවගේ පැමිණීමේ සංඛ්‍යාවේත් අඩුවක් තිබෙනවා.පවතින වසංගත තත්ත්වයේ අවධානම සැළකිල්ලටගෙන තමන්ම ස්වයංව සිතා මෙම කාලසීමාව තුල කම්කරු කාර්යාල වෙත පැමිණීම අඩුකරනවා නම් හොඳයි කියලා ජනතාවට සිහිපත් කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments