22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්වරාය නගර පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක අතට.

වරාය නගර පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක අතට.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව එම තීන්දුව ලබන 18 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි කථානායකවරයා පැවසුවේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය ද පැවැත්වීමට තිබුණේ ඊයේ දිනයේදීයි.

එහෙත්, එම පනත් කෙටුම්පත පිළිබදව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයාට පෙරේදා වනවිටත් ලැබී නොතිබීම නිසා එම කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය ඊයේ නොපැවැත්වීමට ඉකුත් දා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණා.
 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව කිහිපයක් විසින් මීට පෙර පෙත්සම් ගොනු කෙරුණා.

දින කිහිපයක් පුරා එම පෙත්සම් සලකා බැලුණේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.

අනතුරුවයි අදාළ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙලෙස කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments