22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්දිමුත් ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ සිව්වන ස්ථානයට.

දිමුත් ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ සිව්වන ස්ථානයට.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව මෙතෙක් 15 වන ස්ථානයේ රැදී සිටි දිමුත් කරුණාරත්න මේ වන විට එම සටහනේ පසුවන්නේ  11 වන ස්ථානයේයි.  

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර දිමුත් කරුණාරත්න පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 22වන ස්ථානයේ පසුවුණා.

මෙතෙක් 21 වන ස්ථානයේ රැදී සිටි ඇන්ජෙලෝ මැතිව්ස් 24 වන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 35 වන ස්ථානයේ රැදී සිටි නිරෝෂන් දික්වැල්ල මේ වන විට එම සටහනේ පසුවන්නේ 31 වන ස්ථානයේයි.

ඉකුත් තරගාවලි කිහිපයේදීම දක්ෂතා අතර සිටි ළහිරු තිරිමාන්න 73 වන ස්ථානයේ සිට 60 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
 
මේ අතර, බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු 11ක් දවා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළ ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ 48 වන ස්ථානයේ පසුවනවා.

රමේෂ් මෙන්ඩිස් පළමු පන්දු යවන්නන් සිය දෙනා අතරට ශ්‍රේණිගත කිරීම්හි පැමිණ ඇත්තේ 88 වන ස්ථානය හිමි කර ගනිමින්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments