කොරොනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය කව්රුත් අවබෝධ කර ගත යුතු බවත් ජනතාව සිය වගකීම සීයට සීයකම් ඉටු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
මේ ආකාරයට ගියොත් සංචරණ සීමා ගැනද රජයට හිතන්න වෙයි.ඒ නිසා මුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර සංචරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කරගැනීමට පියවර ගන්නැයි අපිට රජයෙන් ඉල්ලන්නවා.
එලෙස සිදු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත් වනු ඇතැයි ද රෝහණ මහතා සඳහන් කරයි.
රට පුරා තැනින් තැන කොරෝනා අනු පොකුරු වාර්තා වන බවත් ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී සියයට 8 සිට 25 දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා වන බව ද ඔහු සඳහන් කියයි.
රට පත්ව ඇති අවදානම් තත්ත්වයෙන් මිදීමට අහඹු පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට සහ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉක්මනින් ගෙන්වාගැනීමට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා පවසයි.