පිළියන්දල ප්‍රදේශයෙන් තවදුරටත් කොවිඩ් -19 රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වා දෙන්නේ ජනතාවගේ සංචරණය සීමා නොකළහොත් මෙම තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් බරපතළ විය හැකි බවය.
“විශාල ප්‍රදේශයක් හුදකලා කළොත් පමණයි අපිට අවශ්‍ය පරිදි කලමණාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. පේන්න ඉන්න රෝගීන් ප්‍රමාණයට වඩා නොපෙනෙන රෝගීන් ප්‍රමාණය දෙතුන් ගුණයක් වැඩිවිය හැකියි.” යනුවෙන් ද ඇය පැවසුවාය.