කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යෑමත් සමග හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට සංචරණ සීමා පනවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය බලධාරීන්ට පවසා තිබේ.
එම සංගමයේ කළුතර දිස්ත්‍රික් ශාඛාවේ සභාපති පී.සී. සේනාරත්න මහතා සඳහන් කළේ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම්මාන රැසකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.
“හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 50ක් ඉක්මවා කොවිඩ් රෝගය ආක්‍රමණය කරලා. වාර්තා වෙන ආසාදිතයින් ගණන අප්‍රේල් සිට අද දක්වා 500 ඉක්මවලා තියෙනවා. සේවකයින් 600, 700 වැඩ කරන කර්මාන්තශාලා මේ කොට්ඨාසයේ තියෙනවා.”
මේ අතර ඉන්දියන් කොවිඩ් ප්‍රභේදය ඇතුළු කොවිඩ් ප්‍රභේද 5ක් මෙරට තුළින් මේ වනවිට හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා
සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකික කොවිඩ් ප්‍රභේදයට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙම විදෙස් කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති බවය.
ඉන්දියන් කොවිඩ් ප්‍රභේදය සහිත රෝගියෙකු පළමු වරට දිවයිනෙන් හඳුනාගෙන ඇති බවද අද දිනයේ අනාවරණය වූ අතර අදාළ පුද්ගලයා විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයෙකු බව සඳහන්ය.
ඉන්දියන් ප්‍රභේදයට අමතරව බ්‍රිතාන්‍ය ප්‍රභේදය, ඩෙන්මාර්ක් – යුරෝපා ප්‍රභේදය, නයිජීරියින් ප්‍රභේදය, දකුණු අප්‍රිකානු ප්‍රභේදය මෙරට තුළ පවතින බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.
ඉන්දියන් ප්‍රභේදයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ප්‍රභේදය මෙරට තුළ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.