ඉන්දියාවෙන් වාර්තා වන B.1617.2 ලෙස හැඳින්වෙන ද්විත්ව කොවිඩ් වෛරස ප්‍රභේදය “සැලකිලිමත් විය යුතු කොරෝනා ප්‍රහේදයක්” ලෙස බ්‍රිතාන්‍ය මහජන සෞඛ්‍ය සේවා ආයතනය නිවේදනය කර සිටිනවා.
මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් කිහිපදෙනෙකුම මේ වන විටත් බ්‍රිතාන්‍යයේ වයඹ දිග ලන්ඩනයෙන් සහ නැගෙනහිර මිඩ්ලන්ඩ් ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය සේවා සඳහන් කරන්නේ.
මෙම තත්ත්වය මත නව ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩිකළ යුතු බවත් ඉදිරියේදී ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීමේ ප්‍රවනතාවයක් ද පවතින බවයි බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කරන්නේ.
බ්‍රිතාන්‍යය තුළ ඉන්දීය ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට එරට සෞඛ්‍ය බලධාරින් දැඩි අවදානයෙන් පසුවනවා.
මේ අතර ලබන සඳුදා සිට සති 02ක කාලයක් සඳහා ඉන්දියාවේ සමස්ත තමිල්නාඩු ප්‍රාන්තයම ලොක්ඩවුන් කිරිමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ දිනක් තුළ එම ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 26,000ක් හඳුනා ගැනීමත් සමගයි.
මේ අතර ඉන්දියාවෙන් ගතවූ පැය 24ක කාලය තුලදී කොවිඩ් ආසාදිතයින් 401,393ක් සහ මරණ 4,194ක් වාර්තා වී තිබෙනවා. දිනක් තුල එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වනවා.