28.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්කොවිඩ් මර්දනයට පළාත් මට්ටමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු නව දෙනකු පත් කෙරේ.

කොවිඩ් මර්දනයට පළාත් මට්ටමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු නව දෙනකු පත් කෙරේ.

පළාත් මට්ටමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු නව දෙනකු පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සියලු පළාත්වලට ගොස් කොවිඩ් මර්දන වැඩපිළිවෙල නිරීක්ෂණය කොට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සෞඛ්‍ය ඇමැතිණි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අදාල පත් කිරීම් සිදුකොට ඇති බව වාර්තාවේ. මේවනවිට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 105ක් පිහිටුවා තිබෙනවා. ඒ මධ්‍යස්ථාන තුල ගිලන් ඇඳන් 19000ක් පමණ ස්ථාපති කර තිබේ. මීට අමතරව යුද්ධ හමුදාව විසින් සීදුවේ ඇඳන් එක්දහස් පන්සීයක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හා බූස්සේද එවැනිම මධ්‍යස්ථානයක් සූදානම් කරමින් තිබේ. එමෙන්ම දිවයින් පුරා තිබෙන රෝහල්වල එක් වට්ටුවක් කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments