25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඕස්ට්‍රේලියානු මැතිවරණයකට ලාංකික තරුණයකු ඉදිරිපත් වෙයි

ඕස්ට්‍රේලියානු මැතිවරණයකට ලාංකික තරුණයකු ඉදිරිපත් වෙයි

මෙවර ඕස්ට්‍රේලියානු හියුම් නගර සභා මැතිවරණය සදහා ශ්‍රී ලාංකික තරුණයකු ඉදිරිපත් වී තිබේ. චුලාන් ජයසිංහ වන මෙම තරුණයා එයිට්කන් වොර්ඩ් ප්‍රදේශය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වී තිබේ.

එම මැතිවරණයේදී තමන්ට සහය ලබාදීමට ලාංකික ඕස්ට්‍රේලියානුවනි වෙත විශේෂ පණිවිඩයක් චුලාන් ලබාදී තිබේ.

හිතවත් ලාංකික ඕස්ට්‍රේලියානුවනි, චුලාන් ජයසිංහ වන මම මෙවර එයිට්කන් වොර්ඩ් ප්‍රදේශය නියෝජනය කරමින් හියුම් නගරසභා මැතිවරණයට තරුණ අපේක්ශකයෙකු වශයෙන් ඉදිරිපත් වෙමි. ලාංකීය උරුමයත් ඕස්ට්‍රේලියානු උරුමයත් එකලෙස හඳුනන ඔබේ අනාගත පරපුරේ නියෝජනයක් ලෙස මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට ලැබීම මම සමස්ථ ලාංකීය ප්‍රජාවම ලබන අවස්ථාවක් ලෙස සළකමි. හිතවත් ලාංකිකයන් විශාල පිරිසක් වාසය කරන හියුම් නගරසභා බල ප්‍රදේශය වඩා යහපත් නගරසභා බල ප්‍රදේශයක් බවට පත් කරීමට අදහස් හා යෝජනා රාශියක් අප සතුව ඇත. මම ඔබට ඇහුම්කම් දීමට සූදානමින් සිටිමිඔබේ හිතවත් චුලාන් ජයසිංහඅංක | 1 Aitken WardHume Councilwww.chulanforhume.com#chulanforhume

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments