23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කාර්යක්ෂම කොවිඩ් එන්නත් කරණයකට ඩිජිටල් හැඳුනුම්පතක්. ඇමැති නාමල්

කාර්යක්ෂම කොවිඩ් එන්නත් කරණයකට ඩිජිටල් හැඳුනුම්පතක්. ඇමැති නාමල්

එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම නව ඩිජිටල් හැඳුනුම්පත මගින් එක් එක් පුද්ගලයන්ට රජය කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, වේලාව සහ එන්නත් වර්ගය මෙන්ම ඊට අදාළ තොරතුරු සහ දෙවැනි මාත්‍රාව ලබාගත යුතු දිනය, ස්ථානය, වේලාව ඇතුළු අත්යවවශ්යර තොරතුරු රැසක් නව තාක්ෂණය ඔස්සේ සමීප කරන බව අමාත්යගවරයා පෙන්වා දුන්නේය.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩු මයක් සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා ඇති අතර එය පළමු වතාවට ප්‍රායෝගික තලයට ගෙනඑමින් එන්නත්කරණයේ තොරතුරු ඇතුළත් නව ඩිජිටල් හැඳුනුම්පත හරහා තාක්ෂණය හා අන්තර්ජාලය භාවිතයෙන් එන්නත්කරණය සම්බන්ධයෙන් ඇතිවන දුෂ්කරතා මගහැරීමට අපේක්ෂිතය.

ජනතා සේවා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා මීළඟ පරම්පරාවේ අපේක්ෂාව ඩිජිටල්කරණයයි.

කොව්ඩ් එන්නත්කරණයට අදාළව නිකුත්වන නව ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්යප නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

වසංගත තත්ත්වය සමඟ පැමිණි දුෂ්කරතා මගහරවා ගැනීමට රට තුළ මහජනතාව වෙනුවෙන් නව තාක්ෂණික ක්‍රමවේද අපි හඳුන්වා දිය යුතුයි. මේ රටේ අලුත් පරම්පාරාව බලාපොරොත්තුවන්නෙ එවැනි දෙයක්. ඒ නිසා රටේ තරුණ අවශ්‍ය තා සපුරන වගකිව යුතු අමාත්‍යාංශයක් ලෙස තරුණ හා ක්‍රීඩා අමත්‍යාංශය ඊට මුලපිරුවා.

අපි දන්නවා කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරනවා මෙන්ම ආර්ථික හා සමාජයීය වශයෙන් රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යා හැකි ක්‍රමවේදයන් ද අපි පරීක්ෂා කළ යුතුයි.

මේ තත්ත්වය තේරුම් ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ අපි සාකච්ඡාවක් කළා.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සහ කොවිඩ් එන්නත්කරණය සාර්ථක කර ගැනීම මෙන්ම මහජනතාවගේ පහසුවට එන්නත් තොරතුරු ඇතුළත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට එහි දී එකඟත්වයකට පැමිණියා.

ඒ අනුව ඊළඟ දින කිහිපය ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අප සමඟ අත්වැල් බැඳ ගනිමින් කොවිඩ් එන්නත්කරණය පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම නව ඩිජිටල් හැඳුනුම්පත ජනතාව අතට පත් කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ වගේම එන්නත්කරණය කාර්යක්ෂම හා වේගවත් කිරීමේ රජයේ වැඩපිළිවෙලට ස්වේච්ඡාවෙන් දායකවන්නයි රටට ආදරය කරන තරුණ තරුණියන්ගෙන් මා ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව එන්නත්කරණය සිදුවන ස්ථානය ඒ වෙනුවෙන් සකස් කර දීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය සහාය ලබාදීම ඇතුළු විවිධ කාර්යයන් ඔස්සේ අපට මෙම වැඩපිළිවෙලට දායක විය හැකි යැයි අමාත්‍යවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments