22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්හදිසි පක්ෂ නායක රැස්වීමක්.

හදිසි පක්ෂ නායක රැස්වීමක්.

සාමාන්‍යයෙන් පක්ෂ නායක රැස්වීම පක්ෂ නායකයන්ට පමණක් සීමා වූ රැස්වීමක්. මේ දැනට කැඳවමින් තිබෙන පක්ෂ නායක සභාව සංඛ්‍යාවෙන් ඉතා විශාලයි.
මෙයට සාමාජිකයින් 50 ක් 60 ක් විතර සහභාගී වෙනවා. එබඳු වූ විශාල පක්ෂ නායකයන් අතරේ තීරණ ගැනීමේ සාකච්ඡාවක් පැවැත්වීම අපහසුයි. ඒ නිසා අපේ ඉල්ලීම වුනේ සීමිත සංඛ්‍යාවකින් යුත් පක්ෂ නායක රැස්වීමක් පවත්වන ලෙසයි. අපි පක්ෂ නායකයෝ මේ බව ගරු අගමැතිතුමාට දැන්වූවා. ජනාධිපතිතුමාත් දැනුවත් කළ බවත් අගමැතිතුමාට කිව්වා. ඒ අනුව පක්ෂ නායකයින්ට පමණක් සීමා වූ රැස්වීම හෙට දිනයේ දී (11) ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එම රැස්වීමට අප පක්ෂ එකොළහේම නායකයින් සියළුදෙනාම සහභාගී වීමට නියමිත යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments