29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්උරුජුවා නම් පාතාලයා වෙඩිකයි.

උරුජුවා නම් පාතාලයා වෙඩිකයි.

මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම සහ සංවිධානත්මක අපරාධ රැසකට සම්බන්ධයෙන් මාමුලගේ දිනෙත් මෙලාන් මාමුල හෙවත් “උරුජුවා” නැමති අපරාධකරු නවගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඊයේ දිනයේදී මෙම සැකකරු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර පසුව නවගමුව, වඳුරාමුල්ල ප්‍රදේශයට විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ සිදුවීමකදී පොලිසිය විසින් වෙඩි තබා බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සිදුවීමෙන් තුවාල ලැබූ සැකකරු නවගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇති බවත් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments