22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආසාදිතයෝ 506ක් ආගිය අතක් නැහැ

ආසාදිතයෝ 506ක් ආගිය අතක් නැහැ

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇතත් ඊයේ (07 වැනිදා) පස්වරු වන විට රෝහල් ගත කර ඇත්තේ 528ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

අනෙකුත් ආසාදිතයන් මෙතෙක් හමුවී නැත. ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍යාරක්ෂක අංශ ප්‍රධානීන්ගේද සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1725ක් සේවය කර ඇති අතර ඔවුන් සියලු දෙනාගේම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත. එම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඔවුන් නිරෝධානය සඳහා නිවාසවලට යොමු කර තිබේ.

නමුත් එම සේවකයන් ලබා දී ඇති ලිපින හා ජංගම දුරකථන අංක ඇතැම්වා වැරැදි බවද අනාවරණය වී ඇත.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රිත් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ සේවක සේවිකාවන්ගේ ලිපින ලබාදෙන ලෙස ආරක්ෂක අංශ සාමාජිකයන් ඉල්ලා සිටියත් ගම්පහ සෞඛ්‍ය නිලධාරීන් ඊට මැළිකමක් දක්වා තිබේ. කෙසේ වෙතත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සියලුදෙනා සහ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමටද තීරණය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments