22.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්නැව්වලට හා ධීවර ප්‍රජාවට නිවේදනයක්.

නැව්වලට හා ධීවර ප්‍රජාවට නිවේදනයක්.

ගිනිකොණ දිග අරාබි මුහුද ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩුපීඩන කලාපය තවදුරටත් වර්ධනයවීමේ හැකියාව පවතින බැවින් ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත.

ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරයේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන බවත් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60ත් 70ත් දක්වා වැඩිවිය හැකිය.

එවිට මුහුණු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු නිරතවීමේදී ද අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම්දෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments