29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සුළු රෝගි තත්ත්වයකදී පවා ගර්භණි මව්වරු රෝහල් ගත විය යුතුයි.

සුළු රෝගි තත්ත්වයකදී පවා ගර්භණි මව්වරු රෝහල් ගත විය යුතුයි.

සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දැනුම්දෙයි.

එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ගර්භණී මව්වරුන් දැඩි බලපෑමකට ලක්ව ඇති බවය.

අද (14) පෙරවරුවේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සරත් ලැනරෝල් මහතා මේ බව සඳහන් කළේය.

“ඉතාමත්ම සුුළු රෝගී තත්ත්වයක් පැවතුනත් ගර්භණී ඔබ හැකි ඉක්මණින්ම රෝහලකට ඇතුළු වෙන්න. එසේ නොමැතිව රෝගී තත්ත්වය බරපතළ වී රෝහල්ගත වෙන්න වුණොත් ඇතිවෙන සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්.”

සංචරණ සීමා පනවා තිබුණ ද කාසල් වීදියේ කාන්තා රෝහලේ සිදු කෙරෙන සියලුම සායනික කටයුතු එලෙසම ක්‍රියාත්මක වන බව එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා සඳහන් කළේය.

“සංචරණ සීමා පැවතියත් මව්වරුන්ට සහ දරුවන්ට ඒ සායනික දිනයේදී පැමිණීමේ හැකියාව තියෙනවා.” 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments