සංචරණ සීමා පැනවූ ප්‍රදේශ සඳහා සතොසෙන් රු.5000/=ක සහන මල්ලක්…
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවේදී ගත් තීරණය පරිදි අද දින සිට එළඹෙන සඳුදා තෙක් දින 03ක කාල සීමාව තුළ අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු.5000/=ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇත.
මෙරට පවත්නා වසංගත තත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් ජාලය විවෘතව තැබේ.
මෙම සහන මල්ල සඳහා ඇතුළත් වන භාණ්ඩ මෙසේය.
සුදු නාඩු සහල් 10kg | 8. හාල්මැස්සන් (තායි) 500g | 15. දෙවැනි බත 350g |
රතු කැකුළු සහල් 5kg | 9. බී ළූණු 3kg | 16. නූඩ්ල්ස් 1kg |
පාන් පිටි 3kg | 10. තේ කොළ 200g | 17. ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 500g |
අල(දේශීය) 3kg | 11. ගම්මිරිස් 100g | 18. මාරි 300g පැකට් 1 |
රතු පරිප්පු 2kg | 12. ලුණු කැට 1kg | 19. මුහුණු ආවරණ 10 |
සුදු සීනි කිලෝ 1kg | 13. මිරිස් කුඩු 200g | 20. විෂබීජ නාශක දියර 100ml |
දුඹුරු සීනි කිලෝ 1kg | 14. සෝයා මීට් 90g පැකට් 02 |